ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම විසින් දෙවන වරටත් පවත්වන ලද වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම මැනවින් ප්‍රදර්ශනය කළේය- Intellectual Intervention & Innovation in Plantations towards Sustainability” යන තේමාව යටතේ කිංග්ස්බරි හෝටලයේදී පැවැති මෙම සමුළුවට වැවිලි ක්ෂේත්‍රයේ නායකයින්, පාර්ශවකරුවන් සහ විද්වතුන් සහභාගී විය. මෙහිදී තිරසාරභාවය සහ ප්‍රජාවන් සවිබලගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමින් කැළණි වැලි වැවිලි සමාගම (KVPL), තලවකැලේ වතු සමාගම (TTE) සහ හොරණ වතු සමාගම (HPL) යන වැවිලි සමාගම්වල නව්‍ය ව්‍යාපෘති 11 ක් හඳුන්වා දුන්නේය.

මෙම සමුළුව අමතමින් නවෝත්පාදනය, පාරිසරික තිරසාරභාවය සහ ප්‍රජා බලපෑම කෙරෙහි හේලීස් වැවිලි සමාගමේ අරමුණ අවධාරණය කරමින් හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා පැවසුවේ “‍හේලීස් සමූහයේ සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ ව්‍යාපාර ආචාරධර්ම සහ තිරසාර නවෝත්පාදන මූලධර්ම මතයි- දැනුම බෙදාහදා ගැනීම හා හොඳම භාවිතයන් සඳහා මෙවැනි නව ව්‍යාපෘති හරහා හේලීස් වැවිලි සමාගම නැවතත් Hayleys Lifecode හි සඳහන් පරිදි මෙම වටිනාකම් කෙරෙහි ඇති කැපවීම පෙන්නුම් කර තිබෙනවා-” යනුවෙනි.

සමස්ත ජයග්‍රාහකයා – KVPL පේද්‍රෝ වතුයාය, සමාගම් ජයග්‍රාහකයා TTE – සමර්සෙට් වතුයාය සහ ඒකාබද්ධ සමාගම් ජයග්‍රාහකයින් – HPL හි ගෞරවිල සහ ෆ්‍රොසෙස්ටර් වතුයායන්


advertistmentadvertistment