හේවාදිවෙල ශුද්ධ වූ ජපමාල රාජේස්වරියගේ දේවමාතා දෙව්මැදුර හා ජපමාල වන්දනා සිද්ධස්ථානය

238

රත්නපුර පදවියේ කෑගල්ල මීසම් දිසාවේ රඹුක්කන හා කුඩාගම යන මීසම් සම`ග පිහිටා තිබෙන හේවාදිවෙල මීසම ස්වභාවික සෞන්දර්යයෙන් පිරි මනස්කාන්ත ග‍්‍රාමයක් වන අතර වර්ෂ 1850 හා 1860 කාලයේදී ක‍්‍රිස්තියානි සභාවල ධර්ම¥තවරුන් මෙහි මුලින්ම දහම් සේවය සඳහා පැමිණ තිබෙන අතර ප‍්‍රථමයෙන් ලංකා සභාවත් දෙවනුව ගැලවීමේ හමුදාවත් ස්ථාපිත වී තිබෙන බව පැවසේ. කාලයක් හේවාදිවෙල ග‍්‍රාමයේ ගම්මුලාදෑනි තනතුර දරා ඇති හේවාදිවෙල පෙරුම්බඩගේ පීටර් හා මාරසිංගේ අර්නෝලිස් යන මුතුන් දෙදෙනා හේවාදිවෙල මීසමේ මුල්ම කතෝලික කිතුනු බැතිමතුන් දෙදෙනා ලෙස වාර්තාගතව තිබේ. කිතුනු දහම වැලඳගැනීමේ සාපිපාසාවෙන් සිට ඇති මොවුන් දෙදෙනා වර්ෂ 1915 දී පමණ කතෝලික බැතිමතුන් වීමට කතිකා කරගෙන තිබෙන බවට තොරතුරු වාර්තාවේ. ඉතිහාසයගත කිතුනු වර්තාවලට අනුව වර්ෂ 1906 සිට වර්ෂ 1921 දක්වා කෑගල්ල මීසම් පාලක පියතුමන් ලෙස ඒ. එම්. වර්ස්ට්රාටන් පියතුමන් සේවය කළ කාලයේදී ජේ. බී. ද ගර්ඩන් පියතුමන් කෑගල්ල මීසම් සහකාර පියතුමන් ලෙසින් 1916 දී සේවය කර තිබෙන අතර එතුමන් වර්ෂ 1917 දී උතුවන්කන්ද මීසමේ පදිංචිව උතුවන්කන්ද මීසම් පාලක පියතුමන් ලෙස සේවය ආරම්භ කළ බවත් එතුමන් විටෙක උතුවන්කන්දේ සිට රඹුක්කනට පැමිණ රඹුක්කන දෙව්මැදුරේද දිව්‍ය පූජාව සිදු කළ බවටත් තොරතුරු වාර්තාවේ. දිනක් හේවාදිවෙල සිට රඹුක්කනට පැමිණි පෙරුම්බඩගේ පීටර් බැතිමතා රඹුක්කන දෙව්මැදුරේදී ගර්ඩන් පියතුමන් හමුවී තමන් ගැලවීමේ හමුදාවේ භටයකු ලෙස කටයුතු කරන බවත් තමන්ට කිතුනු දහම ඉගෙනගෙන කතෝලික බැතිමතෙකු වීමට අවශ්‍ය බවත් දන්වා තිබෙන අතර ඒ ඓතිහාසික හමුව හේවාදිවෙල මීසම් කිතුනු වංශ කතාවේ අමරණීය ආරම්භය ලෙසට පත්ව තිබේ.

වර්ෂ 1918 අපේ‍්‍රල් මස 18 වන දින පෙරුම්බඩගේ පීටර් හා ඔහුගේ බිරිඳ වන මරියාද ඔවුන්ගේ දරුවන් වන විලියම් හා සැමුවෙල්ද මාරසිංගේ අර්නෝලිස් හා ඔහුගේ බිරිඳ වන පෙරුම්බඩගේ ආනාද ඔවුන්ගේ දරුවන් වන මරියාද ඩැනියෙල්ද ප‍්‍රසාද ස්නාපනය ලැබූ බවත් 1918 ජූලි මස 28 වන දින අල්පත්දෙනියේ එලිසබත්, පෙරුම්බඩගේ සිසිලියා ගොඩකුඹුරේ, පෙරුම්බඩගේ ඊසාක් යන අයද ප‍්‍රසාද ස්නාපනය ලබාගත් බවටත් ප‍්‍රකාශ වන අතර වර්ෂ 1918 නොවැම්බර් මස 23 වන දින මාරසිංගේ සැමුවෙල් හා ඔහුගේ බිරිඳ වන පෙරුම්බඩගේ ක‍්‍රිස්තිනා හා ඔවුන්ගේ දරුවා වූ මාටින්ද, ගොඩකුඹුරේ පෙරුම්බඩගේ ප‍්‍රැන්සිනා හා මාරසිංගේ මාරතාද ප‍්‍රසාද ස්නාපනය ලබාගත් බවටත් තොරතුරු වාර්තාවේ. 1918 සිට 1922 දක්වා කාලය අතර ප‍්‍රසාද ස්නාපනය ලබාගත් බැතිමතුන්ගේ සංඛ්‍යාව 51 දෙදෙකු බවත් පවුල් හැටියට 10ක් හා දරුවන් ලෙස 44 දෙනෙකු ලෙසද තනි වශයෙන් බැතිමතුන් 07 දෙනෙකු ලෙසද ප‍්‍රසාද ස්නාපනය ලැබූ බවත් වාර්තාගතව තිබේ.

මෙම කාලය වන විට විකාරි ජනරාල් ධුරයේ සේවය කරමින් සිටි ජේ. කෝර්මන් පියතුමන් ස්වර්ගස්තව තිබෙන අතර එම ධුරයට ජේ. බී. ද ගර්ඩන් පියතුමන් පත්ව ගොස් තිබෙන අතර ඒ වෙනුවෙන් සේවයට පැමිණි ඊ. බැස්ටීනියර් පියතුමන්ගේ සේවා කාලය තුළදී හේවාදිවෙල ග‍්‍රාමයේ දෙව්මැදුරක් ඉදිකිරීම සඳහා බිම් කොටසක් රජයෙන් ලැබුණු බව සඳහන් වන අතර මාර්ක් ඇන්තනි පියතුමන්ගේ හේවාදිවෙල මීසම් සේවයේ ආරම්භයත් සමග වර්ෂ 1920 දී මාරසිංහ අර්නෝලිස් මහත්මාට අයත් ඉඩමක පොල්අතු සෙවිලි කළ කුඩා දෙව්මැදුරක් ඉදිකර ඉරුදින දිව්‍ය පූජාව සිදු කළ බව පැවසෙන අතර මාර්ක් ඇන්තනි පියතුමන්ගේ තෙවසරක දේව සේවයෙන් පසුව වර්ෂ 1923 දෙසැම්බර් මස 23 වන දින ලූවිස් ප‍්‍රනාන්දු පියතුමන් හේවාදිවෙල මීසම් සේවය සඳහා පැමිණි බවත් එතුමන්ගේ ආගමනය සම`ග රජයෙන් ලද බිම් කොටසේ නව වත්මන් හේවාදිවෙල ජපමාල දේවමාතා දෙව්මැදුර හා මීසම් ගෘහයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වූ බවත් වාර්තා වන අතර වර්ෂ 1927 දක්වාම ලූවිස් ප‍්‍රනාන්දු පියතුමන් රඹුක්කන සිට පාපැදියෙන් මීසම් සේවය සඳහා හේවාදිවෙලට පැමිණි බවත් කියැවේ. වර්ෂ 1927 දී දෙව්මැදුර ඉදිකිරීමේ කටයුතු නිමාවට පත්ව තිබෙන අතර 1927 ජනවාරි මස 26 වන දින එවකට ගාල්ල පදවියේ රදගුරුතුමන්ව සිටි අතිඋතුම් ගැස්ටන් රොබිෂේ හිමිපාණන් විසින් දෙව්මැදුර ආසිරි ගන්වා හේවාදිවෙල ශුද්ධ වූ ජපමාල රාජේස්වරියගේ දේවස්ථානය නමින් නම්කර තිබේ. ඉමහත් වෙහෙසක් දරා විවිධ කටුක දුෂ්කරතා මධ්‍යයේ දෙව්මැදුර ඉදිකිරීම සඳහා මහ මෙහෙයක් ඉටු කළ ලූවිස් ප‍්‍රනාන්දු පියතුමන්ට දෙව්මැදුර ඉදිකිරීම සඳහා හේවාදිවෙල මුතුන්මිත්තන්ද මීසම්වාසී පරිත්‍යාගශීලීන් හා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල බැතිමත් කතෝලික පරිත්‍යාගශීලීන්ද කැපවීමෙන් උදව් උපකාර කළ බව පැවසේ. දෙව්මැදුර ඉදිකිරීමෙන් නොනැවතුණ ලූවිස් ප‍්‍රනාන්දු පියතුමන් 1927 දී හේවාදිවෙල රෝමානු කතෝලික පාසලද ආරම්භ කර තිබෙන අතර වසර කීපයක් යනතුරු පාසල පවත්වා ඇත්තේ ජපමාල දේවමාතා දේවස්ථානයේම වීම සුවිශේෂී කරුණක් වේ. මෙයට අමතරව ජපමාල දේවමාතා භක්තිය වර්ධනය කිරීම උදෙසා වර්ෂ 1929 දී හේවාදිවෙල ජපමාල දේවමාතා ලූර්දු ගුහාව ඉදිකර තිබේ.

තවද ලූවිස් ප‍්‍රනාන්දු පියතුමන් විසින් වර්ෂ 1931 දී රජයෙන් ලබාගත් අක්කර දෙකක ඉඩමේ වර්ෂ 1932 දී හේවාදිවෙල සාන්ත අන්තෝනි ළමා නිවාසය ආරම්භ කිරීම සඳහා ගොඩනැ`ගිල්ලක් ඉදිකර තිබෙන අතර කෑගල්ල සාන්ත ජෝසප් කන්‍යාරාමයේ සිට පැමිණි අසරණ බිලිඳු දරුවන් පිරිසකට මුලින්ම රැුකවරණය සැලසී තිබෙන අතර වැලිගම්පිටියේ එව්ප‍්‍රාසියා ද සිල්වා නමැති විශ‍්‍රාමික ගුරුමාතාව ඔවුන්ව රැුකබලා ගත් බව සඳහන් වේ. වර්ෂ 1949 මාර්තු මස 4 වන දින මෙම ළමා නිවාසයේ බාරකාරත්වය හා සේවාව මග්ගොන ස්වදේශීය ප‍්‍රැන්සිස්කානු තාපසාරාමයේ සහෝදරතුමන් තිදෙනෙකුට පැවරීම සිදු වූ බවත් ඒ වන විට හේවාදිවෙල මීසම් පාලකව සිටි ප‍්‍රැන්සිස් ප‍්‍රනාන්දු පියතුමන් ඒ වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බවත් සඳහන් වේ. එතැන් සිට මෙම ළමා නිවාසය වසරින් වසර දියුණු වෙමින් පරිවාස ළමුන්, නේවාසික ළමුන් හා අනාගත ළමුන් යන කොටස් තුනකින් සමන්විතව කිසිදු වෙනසකින් තොරව මෙහි රැුකවරණය ලබමින් වැඩුණු බවත් පසුව ඔවුන්ගෙන් සමහර දරුවන් රජයේ හා ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයන්හි උසස් රැකියාවල පවා නිරත වෙමින් සිය දිවිය දීප්තිමත් කර ගැනීමේ භාග්‍ය ලද බවත් සඳහන් වන අතර අද දවසේද ප‍්‍රැන්සිස්කානු සහෝදරතුමන් විසින් එදා කැපවීමෙන් සිදු කළ ඒ දයාවේ දේව සේවාව පැසසුමට ලක්ව තිබේ.

වර්ෂ 1930 දශකය ලංකාවේ මැලේරියා රෝගය දරුණු ලෙස පැතිරුණු වකවානුවක් ලෙස සඳහන් වෙන අතර ලූවිස් ප‍්‍රනාන්දු පියතුමන් සිය කැමැත්තෙන්ම මැලේරියා රෝගයට ගොදුරු වූ අහිංසක ජනයා වෙනුවෙන් කැපවීමෙන් නොමිලයේම ප‍්‍රතිකාර කිරීම සඳහා නොපැකිළව සේවය කිරීමට ඉදිරිත් වූ බවද හේවාදිවෙල ග‍්‍රාමයේ පමණක් නොව අවට ප‍්‍රදේශවල ජනයා පවා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා එතුමන් සමීපයට පැමිණි බවද දවසේ වැඩි කාලයක් ප‍්‍රතිකාර කිරීමේ කටයුතු සඳහා එතුමන් රෝගී ජනයා උදෙසා කැපකළ බවද නැවතත් මැලේරියා රෝගය උත්සන්න වූ වර්ෂ 1936 ද දහස් ගණනක් ජනයා වෙනුවෙන් ප‍්‍රතිකාර කිරීම සඳහා එතුමන් කැපවීමෙන් සේවය කළ බවද වාර්තා වේ. වර්ෂ 1923 දෙසැම්බර් මස 23 වන දින සිට වර්ෂ 1944 අගෝස්තු මස 24 වන දින දක්වා පුරා විසි වසරක හා අට මසක ඒ ඓතිහාසික අමිල දේව සේවය තුළ ලූවිස් ප‍්‍රනාන්දු පියතුමන් විසින් නැතිබැරි අහිංසක පවුල්වල අවශ්‍යතාවයන් සඳහා ආහාර හා මුදල් සපයාදීමේ දයාවේ දේව සේවාවකද කැපවීමෙන් ක‍්‍රියාකාරීව කටයුතු කර තිබෙන අතර මෙම කාලයේදී කුඩාගම මීසමද හේවාදිවෙල මීසමට සම්බන්ධව තිබුණු බව වාර්තා වේ.

ලූවිස් ප‍්‍රනාන්දු පියතුමන්ට අමතරව ප‍්‍රැන්සිස් ප‍්‍රනාන්දු පියතුමන්ගේ සේවා කාලය පිළිබඳවද හේවාදිවෙල කිතුනු වංශ කතන්දරයේ රන්අකුරින් ලියැවී තිබෙන බව සටහන් කළ යුතුය. එවකට හේවාදිවෙල මීසම් සහකාර ධුරයේ සේවය කරමින් සිටි එතුමන් වර්ෂ 1944 අගෝස්තු මස 24 වන දින හේවාදිවෙල මීසම් පාලක පියතුමන් වශයෙන් පත්ව තිබෙන අතර එතුමන් විසින් රෝමානු කතෝලික පාසල් ගොඩනැගිල්ල හා දෙමහල් මීසම් ගෘහය සාදා තිබෙන අතර හේවාදිවෙල සාන්ත අන්තෝනි ළමා නිවාසයට මග්ගොන ස්වදේශීය ප‍්‍රැන්සිස්කානු සහෝදරතුමන්ගේ සේවය ලබා ගැනීම සඳහා අප‍්‍රතිහත ධෛර්යයක් ගෙන කටයුතු කළ බවත් රඹුක්කන, කුඩාගම හා හේවාදිවෙල නව පාසල් ගොඩනැගිලි ඉදිකරවා පාසල් දරු දැරියන්ට වැඩි පහසුකම් සැලසුම් කළ බවත් ගෞරවයෙන් සඳහන් වේ. තවද පාසල් අතර ක‍්‍රීඩා උත්සව හා විවිධ ප‍්‍රසංග සංවිධානය කරමින් දරු දැරියන්ගේ අධ්‍යාපනික කටයුතුවල කැපීපෙනන උද්යෝගයක් ඇති කළ බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස සාර්ථකව ඉගෙනුම ලැබූ දරු දැරියන් අතරින් බොහෝ දෙනෙක් පත්වීම් ලබා ගැනීමට සමත්කම් දැක්වූ බවත් ඔවුන් අතර කිතුනු මෙන්ම අකිතුනු සිසුන්ද සිටි බවත් වාර්තා වේ. වර්ෂ 1944 සිට වර්ෂ 1963 දක්වා ප‍්‍රැන්සිස් ප‍්‍රනාන්දු පියතුමන් විසින් ඉටුකර තිබෙන ඒ විසි වසරක නොමියෙන සුවිශේෂී දේව සේවාව අදටත් හේවාදිවෙල ග‍්‍රාමයේ ජීවමානව තිබෙන බව සතුටින් සඳහන් කළ යුතුය.

වර්ෂ 1970-1977 හා නැවත 1986-1990 යන කාල වකවානුව තුළ හේවාදිවෙල මීසම් පාලක පියතුමන් හැටියට දේව සේවාව ඉටු කළ මෝල්ලිගොඩ මෝසස් පෙරේරා පියතුමන්ගේ සේවා කාලයද හේවාදිවෙල කිතුනු ජනතාව අතර කැපීපෙනන කාල පරිච්ජේදයක් බව සඳහන්ව තිබේ. දේවස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීම කාලයට ඔබින අවැසිතාවයක් බව තෙරුම් ගෙන තිබෙන එතුමන් දෙව්මැදුරේ තිබුණු පැරණි දොර ජනේල ඉවත් කර අලූත්වැඩියා කිරීමත් අල්තාරය නවීකරණය කිරීමත් එතුමන්ගේ කලා කුසලතාවයන් උපයෝගී කර ගනිමින් දෙව්මැදුරේ ඉදිරිපස ප‍්‍රධාන දොරටුවට නව නිර්මාණයක් ලබා දීමත් සිදු කර තිබෙන අතර මීසම් ජනතාවගේ ආත්මික සුභසිද්ධිය පෝෂණය කිරීම උදෙසා ආගමික වියත් දේශන, රැස්වීම් හා දයාවේ සේවාවන් සංවිධානය කරමින් මීසම් ජනතාව පණ ගැන්වීමේ දහම් සේවාවක නිරතව සිටි බවටත් තොරතුරු සඳහන් වන අතර හේවාදිවෙල මීසම් දේව සේවාවේ උදාර අතීතය හා මාර්ක් ඇන්ටනි, ජෝන් දල්පතාදු, ක‍්‍රිස්ටෝපර් කුරේරා, ඩඞ්ලි අත්තනායක, ලලිත් ප‍්‍රනාන්දු හා සර්ජියස් ප‍්‍රනාන්දු යන පියතුමන්ගේ මීසම් සේවයද පැසසුමට ලක්ව තිබෙන බව ප‍්‍රකාශ වේ.

වර්ෂ 2002 දී වසර 75ඛ් සපිරුණු ජයන්තිය අභිමානයෙන් සැමරූ හේවාදිවෙල මීසමේ දේව සේවාව හා කිතුනු කාර්යභාරය රත්නපුර පදවියේ පදවි පූජක පුතුන් විසින් සිදු කරන ලද නමුත් රුවන්පුර රදගුරු අතිඋතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා සා. බෙ. නි. හිමිපාණන් විසින් පදවිය තුළ නව දහම් රටාවක් නිර්මාණය කිරීමේ උතුම් අරමුණ ඇතිව හේවාදිවෙල දේව සේවාව 2020 ජූලි මස 12 වන දින දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ පැවිදි නිකායේ ප‍්‍රාදේශාධිපති අතිගරු ශිරාන් ෆොන්සේකා පියතුමන්ට බාරදීමට පියවර ගැනිණ. දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ නිකායේ පියතුමන්ලා වන රෝහාන් පෙරේරා පියතුමන් හේවාදිවෙල මීසම් සේවක පියතුමන් ලෙසත් අමිල රත්නායක පියතුමන් හේවාදිවෙල සහයක පියතුමන් ලෙසත් ක‍්‍රියාකාරී වත්මන් මීසම් සේවාවක නියැලී සිටින බව සතුටින් සඳහන් කළ හැකිය.

ජෝ. ඇ. සකරායස්

හේවාදිවෙල ශුද්ධ වූ ජපමාල රාජේස්වරියගේ දේවමාතා දෙව්මැදුර හා ජපමාල වන්දනා සිද්ධස්ථානය
advertistmentadvertistment
advertistmentadvertistment