ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පළමු තරගය අද
හොංකොංහිපැවැත්වෙන ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං බලා පිටත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ළහිරු මදුෂංක වන අතර ළහිරු සමරකෝන්, නිමේෂ් විමුක්ති, සඳුන් වීරක්කොඩි, ධනංජය ලක්ෂාන්, තරිඳු රත්නායක සහ තනුක දාබරේ සෙසු ක්‍රීඩකයන් වේ.
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබති.
පෙරවරු 8.45ට ඕමානයට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා පිල සවස 2.10ට බංග්ලාදේශය සමග මූලික වටයේ අවසන් තරගයට එක්වීමට නියමිතය.
1992දී මේ තරගාවලිය ආරම්භ වූ අතර අවසන් වරට තරගාවලියක් පැවැත්වූයේ 2017 වසරේදීය.
කණ්ඩායම් 12ක් මෙවර තරග වදින අතර මෙම තරගාවලිය වසර 7කට පසුව ඇරඹීමත් විශේෂත්වයකි. තරගාවලිය අද ඇරඹෙන අතර එය 3 වැනිදා දක්වා පැවැත්වේ.
තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර තරග 29ක් පැවැත්වීමට නියමිතයග ශ්‍රී ලංකාව ඩී කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර ඩී කාණ්ඩයට බංග්ලාදේශය සහ ඕමානය ඇතුළත් වෙති. මෙහි වැඩිම ශූරතා ගණනක් දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර 2007 වසරේදී ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි