හොංකොං හිදී පැවති ෆෙයාර්බ්‍රේක් ආරාධිත ක්‍රිකට් තරගාවලියේ තරඟ හතක් තුළ ලකුණු 281ක් සහ කඩුලු 12 ක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු එම තරගාවලියේ වීරවරිය සම්මානය හිමිකර ගත්තාය.
චමරි විසින් එහිදී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණය වූ අතර ඇය විසින් බිඳ හෙළන ලද කඩුලු සංඛ්‍යාව දෙවැනි වූයේ වැඩිම කඩුලු ලාභිනියට පමණි.
එහිදී චමරි පිතිකරණ සාමාන්‍ය 43.83ක් වැනි ඉහළ අගයකත්, පන්දු යැවීමේ සාමාන්‍ය 13.75ක් අගයකත් රඳා පවත්වා ගැනීමට සමත් වූවාය.
චමරි නියෝජනය කළ ෆැල්කන්ස් කණ්ඩායම තරගාවලියේ අනුශූරතාවය හිමිකරගත් අතර අවසන් මහා තරගයේදී ද චමරි පන්දු 17 කදී ලකුණු 29 ක් ලබාගෙන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වූවාය. දවා ගත් කඩුලු සංඛ්‍යාව එකකි.
දෙවන වරට පැවැති මෙවර තරගාවලියේ ශූරතාවය වොරියර්ස් කණ්ඩායමට හිමි විය.