හොකී කණ්ඩායමට අවසන් පූර්ව වරම් අහිමි වෙයි

32

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ වටයට එක්ව සිටින ශ්‍රී ලංකා හොකී කණ්ඩායම මුහුණ දුන් තෙවන තරගයෙන් ගෝල් 03 – 01 ක පරාජයක් අත් විඳීමට ඊයේ (12 දා) සිදු විය.

ඉන්දුනීසියාව හමුවේ අත් වූ එම ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.

‘බී’ කාණ්ඩයේ පළමුවැනියා ලෙස බංග්ලාදේශය ද දෙවැනියා ලෙස ඉන්දුනීසියාව ද අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීමට සමත් විය.

ඊයේ (12) පැවති තරගයේ පළමු ගෝලය සටහන් කිරීමට සඳරුවන් ප්‍රියලංකා ශ්‍රී ලංකාව වෙනුවෙන් 19 වැනි මිනිත්තුවේදී සමත් වුවද අනතුරුව ක්‍රියාත්මක වූ ඉන්දුනීසියාව 20, 41 සහ 43 වැනි මිනිත්තුවලදී ගෝල් ලබා ගනිමින් 03 – 01 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට සමත් විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment