හොඬවැලෙන් අඩක් අහිමිවූ අලි පැටවෙක් මරු දකී

183

දඩයක්කාරයකු විසින් තබන ලද උගුලකට හසුවීමෙන් පසු සිය හො`ඩවැලෙහි හරි අඩක් අහිමි වූ ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දූපතෙහි වාසය කළ අවුරුද්දක් වයසැති අලි පැටවකු හටගත් ආසාදනයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
 
 සුමාත‍්‍රා දූපතෙහි ‘‘ඇසේ ජයා’’ නගරයේ පිහිටි ගම්මානයක අලි රංචුවක් සමග ගමන් කරමින් සිට ඇති මෙම අලි පැටවාගේ හො`ඩවැල අටවා තිබූ උගුලකට හසු වී තුවාල වී ඇති අතර ඒම අනතුර හේතුවෙන් ඔහු අලි රංචුවෙන් මගහැරී ගොස් තිබේ. පසුව ගම්වාසීන් විසින් මෙම අලි පැටවා දැක උගුලෙන් මුදාගෙන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත ප‍්‍රතිකාර සඳහා ගෙනැවිත් ඇති අතර පැවති තුවාල හේතුවෙන් අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා හො`ඩවැලෙන් හරි අඩක් කපා දැමීමට වෛද්‍යවරුන් විසින් පියවර ගෙන තිබේ. කෙසේ වුවද සැත්කමින් දින දෙකකට පසු හො`ඩවැලෙහි තිබූ දරුණු තුවාල හේතුවෙන් හටගත් ආසාදනයකින් පැටවා මියගොස් තිබේ. සුමාත‍්‍රානු අලියන් දුර්ලභ ඝනයේ අලි විශේෂයක් ලෙස නම් කර තිබේ.

advertistmentadvertistment