හොඳම දේ දරුවන්ට…. තවත් දරුවන් රවටන්නේ ඇයි?

791

වඩාත් හොඳම දේ දරුවන්ට ලබා දීම අප පුරාතන සමාජයේ පටන් වර්තමානය දක්වාම පවත්වාගෙන ආ යහපත් ආකල්පයකි. ළමයි කියන්නේ අපේ අනාගත උරුමය හා බැඳුණු වස්තුවකි. අපේ මුතුන් මිත්තන්ට මෙන්ම අප ලාංකීය සංස්කෘතියට ළමයි සම්පත්ය. බටහිර යුරෝපීය රටවල් හා සසඳන විට අප සමාජය ළමයි වෙනුවෙන් ලබා දුන්නේ ලියාපදිංචි මාතෘත්වය හෝ පීතෘත්වය පමණක්ම නොවේ. අප සතු ලෞකික හා භෞතික සැප සම්පත් සියල්ලක්ම යුතුකම් හා වගකීම් ලෙස අපි අපේ දරුවන්ට ලබා දුන්නෙමු. ඒ දරුවන් අපටද රටටද අනිවාර්ය සම්පතක් වූ බැවිනි. එය අපේ සංස්කෘතික වූත් ආගමික වූත් සභ්‍යත්ව ශිෂ්ටාචාරයක උරුමය විය.

 අප රටක් විදිහට ජාතියක් විදිහට යහපත් ආකල්පමය බැඳීම් හා අධ්‍යාත්මික ශක්තිය මත පිහිටා වයස් භේදයකින් තොරව බාල, තරුණ, මහලූ සියල්ල කටයුතු කළ නිසාවෙන් බරපතල ආක‍්‍රමණ 15ක් 16ක් පරාජය කරන්නට අපට හැකි විය. එසේම හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව අමතක නොවන පාඩම් ඉගැන්වූ ජාතියක් වූයේද අපය. ඒ වීරත්වය හා කැපවීම කෙරෙහි අපට බලපානු ලැබූ අධ්‍යාත්මික ශක්තිය ළමයාගේ පටන් මහල්ලා දක්වාම රට දැය සමය වෙනුවෙන් කටයුතු කළ බැවිනි. වීර මද්දුම බණ්ඩාරයන්ගේ වීරත්වය මේ සඳහා කදිම නිදසුනකි. අපට වඩාත්ම වටිනාම සම්පත දරුවාය. රටේ අනාගතය දරුවාය. එනිසාවෙන් අද දවසේ දරුවා සුරැුකිය යුතුම වේ.

 1948 නිදහසින් පසුව ළමයා හා ළමා අයිතිවාසිකම් රැුකගැනීම වෙනුවෙන් ව්‍යවස්ථාපිත නීති කෙටුම්පත් මෙන්ම ආයතන ද ඒ සඳහා පිහිටුවීය. 1939 ළමා හා යෞවන ආඥා පනතක් අප රටට හඳුන්වා දුන්නද එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වීම සඳහා ආයතනගත ව්‍යුහයක් ස්ථාපිත වූයේ 1956 ඒ සඳහා වූ පරිවාස හා ළමාරක්ෂන දෙපාර්තමේන්තුව පිහිටුවීම තුළිනි. ඒ අනුව අප එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණය පිළිබඳව වූ කමිටුවට ජාත්‍යන්තර ප‍්‍රඥප්ති වලට වගකිව යුතු වේ. එය ජාත්‍යන්තර තත්ත්වය වුවද අප සමස්ථ සමාජයම ළමයාට සිදුවන්නා වු අනවරත සැහැසිකම් හා කෲරකම් වලට එරෙහිව කටයුතු කරමින් ළමයා රැුක ගැනීම අප සතු වගකීමක් සේ ම යුතුකමක්ද වන්නේය.

 එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ළමා පරපුර රටක, කලාපයක, මහාද්වීපයක පමණක් නොව මුළු ලෝකයේම පවත්වන වටිනාම සම්පත බව විශ්වීය

 පිළිගැනීමය. එසේ වුවද අද වන විට ළමා අපයෝජනයට හා අපචාරයට ලක්වීමේ ප‍්‍රවණතාවය ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන්ම මේ සඳහා බලපාන ප‍්‍රධානතම සාධක ලෙස යුද්ධය, ස්වාභාවික සම්පත්, ඒඞ්ස් වැනි රෝග ආසාධනය, මන්ද පෝෂණය, මිථ්‍යා විශ්වාස, ළමා ශ‍්‍රමය ලබා ගැනීම වැනි හේතූන් මෙන්ම ළමයින්ට රැුකවරණය අහිමි වීම ප‍්‍රබල ලෙස බලපා ඇත. විශේෂයෙන්ම ලොව පුරා ළමයින් මිලියන 250ක් පමණ රැුකියාවල නිරත වන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අණාවරණය කරගත්තද එය බෙහෙවින් වැඩි අගයක් ගනු ඇත. වර්තමානයේ අප රටේ ජනගහනය දස ලක්ෂ 22ක් වන අතර ඉන් වයස අවුරුදු 18 ට අඩු ළමයින් දස ලක්ෂ 7ත් 8ත් අතර ප‍්‍රමාණයක් වෙති.

 1970 න් පසු දේශපාලනික වෙනස්වීම් හා 1977 විවෘත ආර්ථික රටාව තුළ සංචාරක ව්‍යාපාරය මෙන්ම තරඟකාරී සමාජ රටාව නිසාවෙන් ළමා අපයෝජනය වර්ධනය වේගවත් වූ බව සංඛ්‍යා දත්ත අනුව මනාව පැහැදිලි වේ. මේ සඳහා දරිද්‍රතාවය, ගණිකා සේවය, මෙහෙකාර සේවය, විදේශිකයන්ට ළමයින් විකිණීම, යුද්ධය, මවගේ

 රැුකවරණය වැනි කාරණා බලපා ඇත.

 අප රටේ නීතියට අනුව අවුරුදු 18 ට අඩු සියලූ දෙනාම ළමයින් වේ. ඒ අනුව ඔවුන්ගේ කායික හෝ මානසික තත්ත්වයන්ට පිටස්තරව, ඔහුගේ හෝ ඇයගේ හෝ යහපතට හා මනා කල්ක‍්‍රියාවට එරෙහිව සිදු කරනු ලබන කුමන හෝ අයහපත් ක‍්‍රියාවක් ළමා අපයෝජනයක් වේ. වර්තමානය වන විට අප රටේ ළමා හිංසනය හා බැඳුණු අපයෝජන හා අපචාර බොහෝ සෙයින් වර්ධනය වී ඇත. ළමයා ආරක්ෂා කර ගැනීම හා සම්බන්ධ නීති, අණ පනත් හා ආයතන ද බොහෝය. ඒ අතුරින් ප‍්‍රධාන ඒවා මෙසේය.

 x1988 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂණ පනත

 ළමා අපචාර වැළැක්වීම හා එවැනි අපචාරවලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හා ඔවුන්ට ප‍්‍රතිකාර කිරීම වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීම අරමුණු කර ගනිමින් මෙම පනත මඟින් ”ජාතික ළමාරත්ෂක අධිකාරිය” ක් පිහිටුවීය. නමුදු කණගාටුවට කරුණක් වන්නේ මෙම අධිකාරියට වසර 23ක් මුළුල්ලේ එම ජාතික ප‍්‍රතිපත්තිය සකස් කිරීම කළ නොහැකි බවය. වඩාත් කණගාටුවට කරුණ වනුයේ 2016/2017/2018 හා 2019 යන වර්ෂ වල වාර්ෂික වාර්තාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර අධිකාරියේ ඉහළ නිළධාරීන් ලක්ෂ ගණන් වැටුප් ලබා ඇති බවය.

 2011 – 2020 දක්වා වූ වසර 10ක කාල සීමාව තුළ අධිකාරියට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 89405 කි. ඉන් 2021 ජනවාරි 31 වන විට ආයතනයේ නොරැුඳී ඉදිරියට ගෙනා පැමිණිලි සංඛ්‍යාව 40668 කි. මෙයට බලපා ඇත්තේ පැමිණිලි මෙහෙයවීම පිළිබඳ කටයුතු සිදු කරන නීති බලාත්මක කිරීමේ අංශයෙහි සේවය කිරීමට සිටිනුයේ එක් නිළධාරියෙක් වීමය. රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව* 2021 ජනවාරි 12 රුස්වූ අතර එහිදී මේ බව අනාවරණය කරගෙන ඇති අතර ළමයින් ආරක්ෂා කිරීමේ ප‍්‍රධාන ආයතනය මේ ආකාරයට මන්දෝත්සාහී ලෙස ක‍්‍රියා කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේත්, රජයේත් අවධානය වඩාත් යොමු විය යුතුය. මෙම අධිකාරිය හරහා පිහිටුවනු ලැබූ ළමා අපයෝජනය වැළැක්වීම සඳහා ”පාසැල් ආරක්ෂණ කමිටු 3165 ක් වුවද ඒවා කොයිතාක් දුරට ක‍්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලීම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ වගකීම විය යුත්තේය.



 x 2005 අංක 34 දරණ ගෘහස්ථ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීමේ පනත

 මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නම් ගෘහස්ථව සිදුවන ළබා හිංසනය හා කෲරත්වය බොහෝ සෙයින් වළක්වා ගත හැකිය. විශේෂයෙන්ම දීර්ඝකාලීනව මව විදේශගත වීම නිසාවෙන් ඇතිවන හේතු මත බොහෝ අඩත්තේට්ටම් ළමයින්ට අප රටේ එල්ල වුවද ඒවා නීතියේ ඉදිරියට පැමිණෙන්නේ ද කළාතුරකිනි. මේ සම්බන්ධව ග‍්‍රාමීය මට්ටමින් ”ළමා ආරක්ෂක කමිටු” ගොඩ නඟා සමස්ථ ප‍්‍රජාවම දැනුවත් කිරීම පරිවාස හා ළමාරක්ෂන දෙපාර්තමේන්තුවේ වගකීමක්ද වන්නේය.

 x 2005 අංක 16 දරණ සුනාමි

 (විශේෂ විධි විධාන* පනත

 ජාතික ආපදාවක් ඇතිවීම නිසාවෙන් දෙමාපියන් භාරකරුවන් අහිමිවීම නිසාවෙන් ළමයාට ඇතිවන අනාරක්ෂිත බව මඟහැරවීම සඳහා මෙම පණත හඳුන්වා දී ඇත.

 xළමා හා යෞවන ආඥා පනත යුනිසෙෆ් ප‍්‍රකාශණය

 (1939 හඳුන්වා දුන්නද බල පවත්වන

 ලද්දේ 1950 සිටය.*

 x1956 පරිවාස හා ළමාරක්ෂණ

 දෙපාර්තමේන්තුව පිහිටුවීම

 xළමා හා කාන්තා හිංසනය සඳහා

 1929 ක්ෂණික දුරකථන පැමිණිලි සේවාව

 2020 වසරේදී පමණක් ඇමතුම් පැමිණිලි සංඛ්‍යාව ළමා අපයෝජන 5242 ක් හා ස්ත‍්‍රී ¥ෂණ 1642 ක් විය. 2017 අවසානය වන විට වසර 10 කට වඩා කල් ගත වූ ළමා අපයෝජන සිද්ධීන් 17000 කට වඩා ගොඩ ගැසී ඇති අතර 2018 වන විට එය 20000 දක්වා ඉක්මවා ඇති අතර මේ වන විට බොහෝ සෙයින් 25000 ක් පමණ වී ඇතුවාට සැක නැත.

 ඉහත සඳහන් කළ ව්‍යවස්ථාපිත නීති අණ පනත් හා ආයතන ඇතත් එහි ක‍්‍රියාකාරීත්වය පිළිබඳව විමසා බලන විට අප රටේ ළමා අපචාර වලින් ළමයා ආරක්ෂා කර ගැනීම තවත් සිහිනයක් වනු ඇත. ළමයා ආරක්ෂා කර ගැනීමට නොයෙකුත් නීති අණ පනත් හා ආයතන තිබූ පමණින් ළමයාට සිදුවන අපයෝජන හා අපචාර වලින් ආරක්ෂා කර ගත නොහැකිය. අප රටේ ළමයා ආරක්ෂා කර ගැනීමට මෙකී නීති අණ පනත් ප‍්‍රමාණවත්ය. සිදු විය යුත්තේ ඒවා ක‍්‍රියාත්මක කිරීමය. අදාළ වැරදිකරුවන්ට බලය උස් මිටි පහත් බේදයකින් තොරව දඬුවම් දීමය. විශේෂයෙන්ම මෑතදී රිෂාද් බදියුර්දීන් ගේ නිවසේ ¥ෂිත දරුවාගේ මිය යෑමෙන් පසුව ඇති වූ සිද්ධි දාමය පිළිබඳව නිසි විමර්ශණයක් කරමින් සිද්ධියට සම්බන්ධ සියලූ දෙනාට හැකි උපරිම දඬුවම් ලබා දීමට අදාළ පාර්ශවයන් කටයුතු කළ යුතුමය.

 අප රටේ සිදුවන ළමා අපයෝජනය, ළමා අපචාරයන් අද වන විට ඉහළ අගයක් ගන්නා අතර මේ සඳහා ප‍්‍රධාන ලෙසම බලපා ඇත්තේ නීතියේ ප‍්‍රමාද වීමය. මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක කමිටුව වෙත 2018 වර්ෂයේ ජනවාරි මස ශ‍්‍රී ලංකා රජය මඟින් ඉදිරිපත් කරනු ලැබ 5 වන හා 6 වන ඒකාබද්ධ වාර්තා පිළිබදව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ළමා ආරක්ෂණය වෙනුවෙන් හා ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයේ අලස ප‍්‍රතිපත්තිය බරපතල අවධානයට යොමු කෙරුණු අතර එහිදී ශ‍්‍රී ලංකාවට රතු නිවේදනයක් නිකුත් කෙරිණි.

 වඩාත් හොඳම දේ දරුවන්ට දිය හැක්කේ මේ ආකාරයට ළමා අපයෝජනය හා අපචාර ක‍්‍රියාවන් පිළිබඳව නිසි ආකාරයට කල් පමාවක් නොවී වැරදිකරුවන්ට නිසි උපරිම දඬුවම් දීම තුළින්ය. නමුදු සමස්ථ ජනතාවට වගකීමක් හා යුතුකමක් ද ඇත්තේය. මෙය අනාගත පරපුර වූ දරු සම්පත් මෙකී ජාතික ව්‍යවසනයෙන් බේරා ගැනීම උදෙසා ක‍්‍රියා කිරීමේ වගකීමය. අතීත මුතුන් මිත්තන්ගේ අනර්ඝ සම්පත වූ දරුවා රැුක ගනිමින් ආරක්ෂා කර ගනිමින් ජාතියට, රටට දායාද කරන ලද්දා සේම වත්මන් වැඩිහිටි අපටද ඒ පූජනීය යුතුකම ඇත්තේය. එසේ නොවන තාක් කල් මෙකී හිංසනයන්ට ගොදුරු වූ දරුවන් ජීවිත කාලය තුළදීම ”වින්දිතයන් හට විනිශ්චයක් නොමැති වීම නිසාවෙන්, කිසිදු බලාපොරොත්තුවක් නොමැති වීම නිසාවෙන් අමිහිරි මතක වලින් පීඩා විඳීමේ අවාසනාවන්ත ජීවිත ගත කිරීමට සිදුවනු ඇත. ලෝක ළමා දිනයට ”වඩාත් හොඳම දේ දරුවන්ට” කියා ඉන් පසුව වඩාත් නරකම දේ දරුවන්ට ලබා දෙන රටක අනාගත ඉරණම අතිශයින්ම ඛේදවාචකයක් වනු ඇත. ඔබටද මටද එකී ජාතික ඛේදවාචකයන්ගෙන් දරු පරපුර බේරා ගැනීමේ ජාතික වගකීම මෙන්ම පූජනීය යුතුකමක්ද වන්නේය. එසේ නොවන්නේ නම් අනාගත මේ රටේ උරුමකරුවන්ට හිමි වන්නේ අතීත අමිහිරි මතකයන් වලින් හෙම්බත්ව ජීවත් වීමේ අවස්ථාව පමණක්මය.

අනුරාධ තෙන්නකෝන්
 ජාතික ගොවිජන එකමුතුව

advertistmentadvertistment
advertistmentadvertistment