අධික ලෙස බීමත්ව සිටි පුද්ගලයෙකු ත්‍රිරෝද රථයෙන් බසිද්දී ප්‍රපාතයකට වැටීමෙන් ජිවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සම්පත් බණ්ඩාර මහතා පැවසීය.
මෙසේ ජිවිතක්ෂයට පත්වී ඇත්තේ රත්නපුර බඹරලකන්ද, හපුගස්තැන්න, ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි මුන්මුර්ති සන්ජම් නමැති 34 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය අය බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ සිය ඥාතියෙකු බැලීමට පවුලේ සමාජිකයන් සමග පැමිණ පෙරේදා (17 දා) පස්වරුවේ බගවන්තලාව නගරයට පැමිණ තවත් ඥාතියෙකු සමග මත්පැන් පානය කර ඇත. පසුව එම ත්‍රිරෝදයෙන්ම නිවෙස කරා ගමන් කරන අතරතුර ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝදයකට ඉඩ ලබාදීමට මරණකරු ගමන් ගත් ත්‍රිරෝදය නතර කර ඇත. මේ අවස්ථාවේ මරණකරු රථයෙන් බැස පා ගමනින් ඉදිරියට යෑමට උත්සහ කිරීමේදී ප්‍රපාතයට වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටී.
ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේදීත් මොහු මියගොස් සිටි බවත්, මරණකරු ගමන්ගත් ත්‍රිරෝද රථයේ රියැදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
නුවරඑළිය – නාලක රත්නායක