හොරට රට යන්න ඇවිත්ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මැලේසියාව බලා පිටව යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ක්‍රියාත්මක වෙමින් පවතී.
ඔහු සිය ජීව දත්ත තොරතුරු වෙනස් කර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය සකස් කර තිබිණි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ 34 හැවිරිදි යාපනයේ සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම පුද්ගලයා අද අලුයම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබිණි.