හොරෙන් ගෙනයන්න හැදූ විදෙස් මුදල් තොගයක් හසුවේ

507


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය බලා පිටත් වීමට පැමිණි ගුවන් මගීන් හත්දෙනකු නීති විරෝධීව රැගෙන යෑමට තැත්කළ රුපියල් මිලියන 65කට අධික වටිනාකමකින් යුත් විදේශීය මුදල් තොගයක් ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයන්ගේ ගමන් මලුවල ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ රුපියල් මිලියන 65කට අධික වටිනාකමකින් යුත් ඇමරිකානු ඩොලර්ල යුරෝ ස්ටර්ලින් පවුම් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නීති කටයුතු සුදත්ත සිල්වා මහතා පැවසීය.

රේගුවට සඟවා නීති විරෝධී ලෙස විදේශ මුදල් මෙරටින් පිට කිරීමට දරන ලද මෙම උත්සාහය රේගු නිලධාරීන්ගේ සුපරික්ෂාකාරී බව නිසා වැලැක්වීමට හැකිවූ බවත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සිදු කරන බවත් සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment