නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 22ක් පමණ වටිනා රත‍්‍රන් කිලෝ 16 අද පස්වරුවේ ශ‍්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ ව්‍යාපාර නාම භාවිතා කරමින් ගුවන් බඩු අංශයේ බෙදාහැරීම් ආයතන හරහා එක්සත් අරාබි එමීර් රජ්‍යයේ ඩුබායි නගරයේ සිට වාහන අමතර කොටස් හා කෝපි සාදන යන්ත‍්‍ර වල කොටස් ගෙන්වන ලෙස රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම රත‍්‍රන් තොගය ගෙන්වා ඇතැයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු* සුදත්ත සිල්වා මහතා පැවසීය.
|