රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් තොගයක් කටුනායක ගුවන්තොටුපලින් පිට කරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිය ගුද මාර්ගයන් හී සඟවා මෙම මැණික් තොගය හරිත මාර්ගය ඔස්සේ යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරය හා සම්බන්ධ වෘත්තීන් හී නියැලි සිටින 45 හැවිරිදි සහ 46 හැදිවිරි වියේ පසුවන පුද්ගලයින්ය.