හොරෙන් රන් ගෙන ආ ආයතන පහකට කෝටි 124ක් දඩ

72

මේ වසරේ (2024) මේ දක්වා කාලයේදී මෙරටට නීති විරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන පහක් හඳුනාගෙන ඇති බවත් එම ආයතන පහ සඳහා රු. මිලියන 1243ක (කෝටි 124කට අධික) දඩ නියම කළ බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ ආයතන පහ අතරින් එක් ආයතනයකට රු.මිලියන 179ක දඩ මුදලක් නියම වූ බව ද ඇමැතිවරයා කියයි.

ඉදිරියේදී රත්රන් ආනයනය සිදුකරන සියලු බලපත්‍රලාභී ආයතන මෙම නීති විරෝධී ක්‍රියාවෙන් මිදිය යුතු බව ද, එසේම ආයතන විසින් සෘජුව ආනයනය නොකර නුන්වෙනි පාර්ශ්ව වලින් මිලදී ගන්නා රත්තරන් සඳහා ද නිෂ්පාදන වාර්තා සලකා බලා දඩ මුදල් අයකර ගන්නා බව ද ඇමැතිවරයා කියා සිටියේය.

රන් භාණ්ඩ ආනයනය කරන ඇතැම් ආයතන මෙය විශාල ජාවාරමක් බවට පත් කරගෙන ඇති බවත්, ඒ වටා ගොනු වූ මාෆියාවක් ද පවතින බවත් සියඹලාපිටිය ඇමැතිවරයා තවදුරටත් පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment