2013.10.11 වැනිදා රාජගිරිය කොස්වත්ත ප්‍රදේශයේදී වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සකස් කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (08දා) වසර අටක සිරදඬුවම් නියම කළේය.
නිමල් ජයසිරි වීරසේකර නමැති එම විත්තිකාර නීතිඥවරයාට ඊට අමතරව රුපියල් විසිදහසක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා නියම කළේය. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක මහතා පෙනී සිටියේය.
එම විත්තිකාර නීතිඥවරයාට එරෙහිව 2015 වසරේදී නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව වූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කරමින් එකී දඬු වම් නියම කළේය.