හොර ලේඛන හදලා කෝටි 5ක වාහන දෙකක් ගෙන්වලා

57

කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාජ ලිපිලේඛන සකස්කර නීතිවිරෝධී අන්දමින් ආනයනය කරන ලද රුපියල් කෝටි 5 කට අධික වටිනාකමෙන් යුත් අතිසුඛෝපභෝගී ජීප් රථ දෙකක් සමඟ ධනවත් කාන්තාවක වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් ඊයේ (31 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

කහතුඩුව ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබූ මෙම ජීප් රථ දෙක අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් එය රැගෙන ගොස් තිබේ.

මෝටර් රථ අමතර කොටස් ආනයනය කර විකිණීමේ ව්‍යාපාරය කරගෙන යන ධනවත් ව්‍යාපාරිකයකු විසින් මෙම ජීප් රථ දෙක මෙරටට ගෙන්වා ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ව්‍යාපාරිකයාගේ බිරිඳගේ නමට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර මෙම වාහන ලියාපදිංචි කර ඇති බවද අනාවරණය වී ඇත.

වාහන ආනයනය කළ සැකකාර ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

වලාන දූෂන මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම කර තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment