හෝටල් බේකරි ඇතුළු ආහාර නිෂ්පාදන සියලු ආයතනවල සේවකයින්ට උණසන්නිපාත එන්නත අනිවාර්යයි

80

පීඑච්අයි සංගමය කියයි

දිවයින පුරා සියලුම ආහාර නිෂ්පාදන ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයින් උණසන්නිපාත එන්නත අනිවාර්යයෙන්ම ලබා ගතයුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි.

සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ උණසන්නිපාත එන්නත නොමිලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී ලබා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි. ආහාර නිෂ්පාදන ආයතන, ආහාර ගබඩා, හෝටල්, ආපනශාලා,ආහාර ප්‍රදර්ශනය කෙරෙන ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයින්, ආහාර ප්‍රවාහන කෙරෙන වාහන රියැදුරන් සහ සේවකයින් මෙම එන්නත ලබාගත යුතු බව ඒ මහතා පැවසීය.

ක්ෂණිකව අදාළ ආයතන පරීක්ෂා කර කාර්ය මණ්ඩල මෙම එන්නත ලබාගෙන තිබේදැයි සොයා බලන බැවින් උණසන්නිපාත එන්නත ලබා ගැනීමට ආයතන හිමිකරුවන් සහ ප්‍රධානීන් සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් උනන්දු කළ යුතු බව ලේකම්වරයා අවධාරණය කරයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව කෙරෙහි දැඩි අවධානයෙන් පසු විය යුතු බව පැවසූ චමිල් මුතුකුඩ මහතා මනුෂ්‍ය පරිභෝජනය සඳහා ආහාර නිෂ්පාදනය, බෙදා හැරීම, ගබඩා කිරීම සහ ප්‍රවාහනයේදී දැඩි අවධානය යොමු කළ යුතු බව කියා සිටියේය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක


advertistmentadvertistment