හෝමාගම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස නීතිඥ රංග අබේසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලදි.
රංග අබේසිංහ මහතා හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසද, වරෙක උප සභාපතිවරයා ලෙසද, පසුගිය සභාවේ විපක්ෂ නායකයා ලෙසද ක්‍රියාකළ පළපුරුදු දේශපාලකයෙකි. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අබේසිංහ මහතා එම පත්වීම් ලිපිය භාර ගත්තේය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.
පොල්ගස්ඕවිට – සුසිල් ඉලේපෙරුම