‘හෝමාගම පොඩි සම්පත්’ ලක්ෂ 5 ක කුඩු සමග මාට්ටු

474

‘කිඹුලාඇළේ ගුණාගේ’ ගෝලයෙක්

ඉන්දියාවේ සිරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අපරාධ කල්ලි නායකයකු වන ‘කිඹුලා ඇලේ ගුණා’ නමැත්තාගේ ප‍්‍රධානතම ගෝලයකු වන ‘හෝමාගම පොඩි සම්පත්’ නමැත්තා රුපියල් ලක්ෂ 5කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමග මාකන්දන කැකුළුවිට ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 25යි මිලිග‍්‍රෑම් 650ක් පොලිසිය භාරයට ගෙන ඇත.

‘පොඩි සම්පත්’ නමැති අපරාධ කල්ලි සාමාජිකයා හෝමාගම ප‍්‍රදේශයෙන් වසන් වී කැස්බෑව ප‍්‍රදේශයේ නිවසක් කුලියට ගෙන හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අබයරත්න මහතාට ලද තොරතුරක් මත වැටලීම කර ඇත.

මොහු මාකන්දන කැකුළුවිට ප‍්‍රදේශයේ නිවසක් මාසිකව රුපියල් 21,000 බැගින් වූ මුදලකට කුලී පදනම මත ලබා ගෙන පදිංචිව සිටින බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

මෙම ‘පොඩි සම්පත්’ නමැත්තා ‘කිඹුලා ඇළේ ගුණා’ නමැත්තාගේ සහෝදරයා ඝාතනය කිරීමේ සැලසුම් සකස් කළ කළුබෝවිල, බෝධියවත්ත ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සුරේන් ජයසිංහ නමැත්තා ‘කිඹුලාඇළේ ගුණා’ නමැත්තාගේ උපදෙස් මත පන්නිපිටිය ගුවන් පාලම මතදී වෙඩි තබා ඝාතනය කිරීම, ගම්පහ මූල්‍ය ආයතනයක කෝටි 10ක මුදල් මංකොල්ලය, මත්තේගොඩ විහාරස්ථානයක් තුළ දී මූල්‍ය ආයතනයක නියෝජිතයා බිය ගන්වා මුදල් මංකොල්ලය ඇතුළු අපරාධ රැුසකට සම්බන්ධවූවකු බව පොලිසිය කියයි.

36 හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අබේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසේල ප‍්‍රසාද් සෙනෙවිරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන (86543) ජයතිලක, (97254) විදර්ශන, (9115) මන්ජිත්, කාන්තා පොලිස් කොස්තාපල් (11913) දිවන්ජි, (12917) එමේශා යන මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment