ඉතා ඈත අතීතයේ එනම් අවුරුදු විසිදාහකට පමණ පෙර පෙරදිග රටවල ‘නර’ නමින් සත්ත්ව වර්ගයක් ජීවත් වී ඇත. බුදුරදුන් පහළ වනවිට මේ හෙළදිව හෙවත් දඹදිව සිටි නර සමූහයක් රකුස්, නාග, දේව යනුවෙන් කොටස් හතරකට බෙදී සිටියහ. මොවුන් අතර මනස ඉතා දියුණු තියුණු පිරිසක්ද සිටියහ. බුදුරදුන් දඹදිව පහළ වූයේ මේ පිරිසට සිරි සදහම අවබෝධ කර ගැනීමට සලසා නිවීමේ මඟ පෙන්වනු සඳහායි. බුදුරදුහු මනස උස් අරුතින් මොවුන් මනුස්සයන් – මිනිසුන් ලෙස හැඳින්වූහ. මොවුන් අතරින් නොවළහා දහම වටහාගත හැකි ඉතා සියුම් තියුණු මනසක් ඇති පිරිස විඤ්ඤා පුද්ගලයන් ලෙස බුදුහු හැඳින්වූහ. මගේ දහම විඤ්ඤා පුද්ගලයන් සඳහා යැයි වදාළහ.
බුදුන් පහළ වන්නට පෙර නරයන් යන වහර මිස මිනිසුන් යන වහරක් නොපැවැති වග අපගේ වැටහීමයි. මේ නරයන් හැර වෙනත් නර වර්ගයක්ද වූහ. ඔහු වානරයෝය. පසුව වඳුරු යැයි වෙනස් වී ඇත. බුදු දහම අනුව සත්ත්වයන් විශ්වයේ පහළ වන්නේ උතු බීජ චිත්ත කම්ම දම්ම යන නියාමනයන් අනුවය. නියාවන්ගේ අග මුල කියන්නට යෑම අපගේ අමනකම පළ කිරීමකි. විශ්වය පැහැදිලි කිරීම සඳහා දිගු විස්තරයක් ලිවිය යුතුය. ඒ පොට පටලවා ගැනීමක් වන හෙයින් නිහඬ විය
යුතුමැ යැ. විඤ්ඤා පුද්ගලයන් ගැන සඳහන් කරුණු හෙයින් පුද්ගලයා යන්නද විවරණ කළ යුතුය. පුද්ගලයා නම් වෙන්ව පෘතග්ව – පෙනෙන, දැනෙන, හැඟෙන, සිතන ක්‍රියාත්මක වන මිනිස් ජීවියායි. මිනිසා ගැන සලකන කල්හි ජීවිතය නම් ජීවයට ඉතකරව පවත්නා දේයි. මේ නම් භෞතික සිරුර හා මනසයි. සිරුර නම් සිර හා උරයි – කඳයි – මනස මනින සිතන ඉන්ද්‍රියයි. මනස උස්වන්නේ තුන් අයුරෙකිනි. චින්තනයෙනි. භාෂණයෙනි. කාර්යයෙනි. කෙටියෙන් කියතොත් සිතෙනි, බසෙනි, කිසෙනි. මේ තුන නිරවුල් නම් නිවැරදි නම් අර්ථවත් නම් සාධාරණ නම් සමානාත්මතාවයෙන් යුතුනම් අහිංසක නම් පුද්ගලයාගෙන් මිනිස් වර්ගයාගෙන් ජීව ලෝකයට වන හානිය මනස දූෂණය විෂගැන්වීම කුමක්ද? සමාජයේ ගැටුම, අවුල, තැවුල පීඩනය කුමක්ද?
අවාසනාවකට අපට කියන්නට සිදුවී ඇත්තේ මිහිමතින් මිනිසුන් වඳවී ගොස් ඇති වගයි. අද පෘථිවි තලය පුරා විසිරී පැතිරී ඇත්තේ වානරයාගෙන් පරිණාමය වූ හෝමෝසේපියන්ලාය. හි්යුමන්ලාය. මේ වග ඩාවින් හෙළිකර ඇත. සත්ත්වයන් ලොව පහළ වූ හේතුව ඩාවින් පවසා ඇද්ද යනු අපි නොදනිමු. අධ්‍යාපනය නිසා මාද හෝමෝසේපියන් ගණයට ඇතුළත් වී ඇත. විශ්වවිද්‍යාල මගින් හෝ වෙනත් විද්‍යාල මගින් අධ්‍යාපනය ලැබිය හැකිය සිතන්නේ පිළිගන්නේ හෝමෝසේපියන්ලාය. දැන් ශ්‍රී ලංකාවේ අපි සියල්ලෝම හෝමෝසේපියන්ලා වී සිටිමු. බටහිර හෝමෝසේපියන්ලා නැති නම් ශ්‍රී ලංකාවාසී අපට කිසිත් නැත. පාර්ලිමේන්තුව නම් කුමක්ද? පක්ෂ දේශපාලනය නම් ප්රජාතන්ත්රවාදය නම් කුමක්ද? ප්‍රජාව නම් කවුරුන්ද පහදා දෙන දේශපාලකයකු අපට හමු වී නැත. අප පුරවැසියන් වූයේ කෙසේද, ඡන්ද දායකයන් වූයේ කුමටද? කාගේ වුවමනාවටද? ලෝකයේ බෞද්ධකම, දියුණුව, සංවර්ධනය හරි හැටි පහදා දෙන දේශපාලකයා කවරෙක්ද? පාර්ලිමේන්තුව නම් කුමක්ද? මේ රටේ මිනිසුන් වඳවී ගියේ බටහිර හෝමෝසේපියන්ලාට යටත්වීමෙනි.
1948 පෙර මේ රටේ රාජ්‍ය පාලනයක් මිස දේශපාලනයක් පැවැති වගක් අපි නම් නොදනිමු. අපට දේශපාලනය පහදා දෙන්නෝ කවුරුද, තව කිවයුතු දෑ බෙහෙව්. එහෙත් අච්චු අධ්‍යාපනයෙන් හෝමෝසේපියන් වී සිටින මේ මහලු මිනිසාට මිහිපිට යහතින් විසීමට හැකි වේද යන සැකය නිසා නිහඩ විය යුතුව ඇත.
හෙළි ඇසිරි