ආසයි මම පියාඹන්න, යකඩ පිහාටු, රාජ්‍ය සේවය පිණිසයි, ගින්දරී, හිරිපොද වැස්ස වැනි අතිශය ජනප්‍රිය සහ සම්මානනීය සිනමා නිර්මාණ බිහි කළ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වන “ගිනි අවි සහ ගිනි කෙළි 2” සැප්තැම්බර් මස 26 වැනිදා සිට මෙරට සිනමාහල්වල තිරගත කිරීමට නියමිතය.
අධ්‍යක්ෂණය සහ තිර රචනය උදයකාන්ත වර්ණසූරියගේ වන අතර කතාව අනුර හොරේෂස්ගෙනි. අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂණය සිදුකළ මෙහි සංගීතය චිත්‍රාල් සෝමපාල ගෙනි.
ගිනි අවි සහ ගිනි කෙළි බහුරු ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් වන අතර ඊඒපී මණ්ඩලයේ බෙදාහැරීමකි. මේ සඳහා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ලකී ඩයස්, ධනුක දිල්ෂාන්, රත්නා ලාලනී, කුමාර වඳුරැස්ස, රොජර් සෙනවිරත්න, ගිහාන් ප්‍රනාන්දු, ශ්‍රීමාලි වෙඩිසිංහ, අනුර හොරේෂස්, පාලිත සිල්වා, රංගන ප්‍රේමරත්න, ජගත් බෙනරගම, අනුර බණ්ඩාර රාජගුරු, නිමල් පල්ලේවත්ත, තාරා කළුආරච්චි, අයේෂා මධුෂානි ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායකවෙති.
ගිනි අවි සහ ගිනි කෙළි සඳහා ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන් ද කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක ද වේශ නිරූපණයෙන් නලීන් ප්‍රේමතිලක ද නිෂ්පාදන කළමණාකරණයෙන් අශෝක ආරියරත්න ද ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියන්ත දිසානායක වගේම නිශ්චල ඡායාරූප වීඩියෝ රූගත කිරීමෙන් ධම්මික පතිරත්න දායක වී ඇත. ගිනි අවි සහ ගිනි කෙළි ඉතාලියේ සහ ඕස්ට්‍රේලියාවේදී නගර රැසක තිරගත වීමට නියමිතය.