ළමා මරණ 100 ක් නිසා ඉන්දුනීසියාව සිරප් භාවිතය තහනම් කරයි  

168

මෙම වසරේ සිදු වූ ළමා මරණ 100කට කැස්ස සඳහා නිර්දේශ කරන සිරප් වර්ගයක් වගකිව යුතු බවට පවතින සැකය මත ඉන්දුනීසියාව සිය රට තුළ භාවිත කරන සියලු සිරප් වර්ග භාවිතය තහනම් කර තිබේ.

මෙම වසරේ ඉන්දුනීසියාවේ සිදු වූ ළමා මරණ 100කට පමණ කැස්ස සඳහා නිර්දේශ කරන සිරප් වර්ගයක් වගකිවයුතු බවට සැක මතු වී ඇත්තේ ඉන්දුනීසියාවේ භාවිත වන ඇතැම් සිරප් වර්ගවල වකුගඩු ආසාදනයට මුල්වන අමුද්‍රව්‍ය අන්තර්ගතව පවතින බව පරීක්ෂණවලදී අනාවරණය වීමයි. රට තුළ භාවිත වන සිරප් වර්ග තහනම් කරමින් ඉන්දුනීසියානු සෞඛ්‍ය බලධාරීන් ඊයේ (20දා) ප්‍රකාශ කර ඇත්තේ මෙම වසරේ රට තුළින් වකුගඩු ආසාදනයට ලක් වූ ළමුන් 200ක් පමණ දෙනා වාර්තා වී ඇති අතර ඉන් 100ක් මියගොස් ඇති බවයි. අදාළ මරණවලට වගකිවයුතු සිරප් වර්ග කුමන රටක නිෂ්පාදනය කර ඇතිද යන්න පිළිබඳව බලධාරීන් හෙළි කර නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment