ළමුන් එන්නත්කරණය ඔක්තෝබර් අග අවසන්

51

ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙළ ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙළ ඊයේ (24 දා* නිල වශයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. වයස අවුරුදු 12 – 19 අතර සංකූලතා සහිත දරුවන් මෙම වැඩපිළිවෙළ යටතේ මූලිකව එන්නත්කරණයට ලක් කෙරේ.

ඒ අනුව කායික හා මානසික සංකූලතා සහිත දරුවන්ට මෙම එන්නත මූලිකව ලබාදෙන අතර තැලසීමියා රෝගයට ලක්ව ඇට මිදුළු බද්ධ සැත්කමක් සිදු කර ඇති 14 හැවිරිදි හුණුපොළ” පහලගම ප‍්‍රදේශයේ පදිංචි දැරියකට පළමුව එන්නත ලබා දීම සිදු විය. මෙයට සමගාමීව අනුරාධපුර හා කුරුණෑගල රෝහල්වල දී ද මෙලෙස දරුවන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි‘

විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ මූලික රෝහලකින් ඉහළ රෝහලක් තුළදී මෙම එන්නත්කරණය සිදු කෙරේ. සෞඛ්‍ය අංශ මේ වන විට හඳුනා ගෙන ඇති ආකාරයට මෙරට වයස අවුරුදු 12 – 19 ත් අතර විවිධ සංකූලතා සහිත දරුවෝ 35000ක් පමණ සිටිති. ඒ අනුව ඔවුනට ෆයිසර් එන්නත ලබා දීම සිදුවේ.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෛද්‍ය අංශය ඇතුළු එහි සියලූ ක්ෂේත‍්‍ර හා අධ්‍යාපන ක්ෂේත‍්‍රය සමග මෙම වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝව සාකච්ඡුා කළ බවත් එහිදී ගනු ලැබූ තීන්දු තීරණ ඔස්සේ ළමුන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කළ බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ බවත් ගත යුතු ක‍්‍රියාමාර්ග හා නිර්ණායක පිළිබඳව දැඩිව සාකච්ඡුාවට ලක් කෙරුණු බවත් ඇමැතිවරයා මෙහිදී කීවේය.

වෛද්‍ය අංශයේ නිර්දේශ මත විවිධ සංකූලතා සහිත දරුවන් සුපරික්ෂාවට ලක් කරමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් එම දරුවන් සඳහා මූලිකව එන්නත්කරණය සිදු කරන බවත් මෙම වැඩපිළිවෙළ අනුව මූලිකව සුදුසුකම්ලත් දරුවන්ට වෛද්‍ය උපදෙස් අනුව ගන්නා වූ තීරණ ඔස්සේ එන්නත්කරණය සිදු කරන බවත් එහි විද්‍යාත්මක පදනම තුළ සිට වෛද්‍ය හා සෞඛ්‍ය අංශය විශ්ලේෂණාත්මක කටයුතු තරන බවත් ඇමැතිවරයා පැවසීය.

එළඹෙන සඳුදා (27 දා* සිට කොළඹ දිස්ත‍්‍රික්කයේ අනෙකුත් රෝහල්වලදී ද මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීමට සැලසුම් කරගෙන ඇත. අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියේය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන” රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය” විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීහු හා සෞඛ්‍ය අංශ නිලධාරී පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

උපාලි ද සේරම් සහ ඒමන්ති මාරඹේ

advertistmentadvertistment