ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ අධිකාරිය විසින් එන්නත් මාත‍්‍රා දෙකකින් සමන්විත ‘ෆයිසර්’ කොරෝනා මර්දන එන්නත වයස් කාණ්ඩ ගණනාවක් සඳහා භාවිත කිරීම සඳහා ප‍්‍රථම වරට පූර්ණ අනුමැතිය ලබා දී තිබේ. මෙතෙක් හදිසි භාවිතය සඳහා පමණක් අනුමැතිය ලබා දී තිබූ ‘ෆයිසර්’ එන්නත ඇමරිකාව විසින් භාවිතය සඳහා පූර්ණ අනුමැතිය ලබා දුන් ප‍්‍රථම කොරෝනා මර්දන එන්නත බවට මේ අනුව පත්ව තිබේ.
දැනට ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම අනිකුත් රටවල කොරෝනා එන්නත්කරණය සඳහා භාවිත කරන සෙසු එන්නත් සඳහා එම රටවල් හා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී ඇත්තේ හදිසි භාවිතය සඳහා පමණකි. ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය විසින් ‘ෆයිසර්’ එන්නත වයස අවුරුදු 16 ට වැඩි වයස්වල සියලූ දෙනා සඳහා එන්නත් කිරීමට සිය පූර්ණ අනුමැතිය ලබා දී තිබේ. මේ වන විට බොහෝ ඇමරිකානුවන් කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වන වාතාවරණයක් තුළ මෙසේ ‘ෆයිසර්’ එන්නත සඳහා පුර්ණ අනුමැතිය හිමි වීම වැදගත් තත්ත්වයක් බව ඇමරිකානු බලධාරීහු සඳහන් කර තිබේ. ‘ෆයිසර්’ එන්නත කොරෝනා වෛරසය වැලඳීම සියයට 91 කින් වළක්වන බව සායන අත්හදා බැලීම්වලදී අනාවරණය වී තිබේ.
|