ෆාරෝ රජවරුන්ගේ වසර 4600ක් පැරණි බෝට්ටුවක් නව කෞතුකාගාරයකට

854

වසර 4600කට පෙර ඊජිප්තුවේ සිටි ෆාරෝ රජ කෙනෙක් වන ‘‘කුෆු’’ විසින් භාවිත කළ සූර්ය බලශක්තියෙන් ක‍්‍රියා කරනු ලබන බෝට්ටුවක් ගීසා නගරයේ අලූතින් ඉදි කර ඇති සුවිසල් කෞතුකාගාරය වෙත ප‍්‍රවාහනය කිරීමට ඊජිප්තු බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මෙම ඉපැරණි බෝට්ටුව අතීතයේ රාජකීය සුසානභූමිය තුළ වළලා දමා තිබී ඇති අතර එයින් අදහස් කර ඇත්තේ මියගිය ෆාරෝ රජවරුන් මෙම බෝට්ටුව හරහා මරණයෙන් පසු ගමන් කරන තැනට ඔවුන්ව ප‍්‍රවාහනය කරන බවට තිබී ඇති විශ්වාසය බව විද්‍යාඥයෝ පවසති.

 මෙම සූර්ය බලශක්තියෙන් ක‍්‍රියාකරන බෝට්ටුව ඊජිප්තුව පාලනය කළ හතරවැනි රාජවංශයට අයත් ‘‘කුෆු’’ විසින් මිලදී ගෙන තිබිණි. මීටර් 42ක් දිගැති ටොන් 20ක් බර මෙම බෝට්ටුව දැවෙන් තැනූ ලොව තිබෙන විශාලතම හා පැරණිතම බෝට්ටුව සේ සැළකේ. එය අලූතින් තැන්පත් කර ඇති  කෞතුකාගාරය මෙම වසරේදී විවෘත කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment