ෆේ‍්‍රම් නොවූ බ්‍රේන් හදන්න හීන දකින අධ්‍යාපනය

141

ලංකාව තුළ ජාතික සංවර්ධනය හෝ දැනට පවතින අධ්‍යාපන රටාව පිළිබදව හුදු නිර්වචන සැපයීම වෙනුවට ඒ ආශ‍්‍රිත සාමාන්‍ය සමාජ වටපිටාව නිරූපිත මා ලත් අත්දැකීමකට අනුව ඉදිරි කරුණු පෙළගැස්වීමට සිතුවෙමි.

 නිවාඩු දිනක පොළොන්නරු නගරය අවට සංචාරයක යෙදෙන විට වෙන් වෙන් වශයෙන් එකිනෙකට පරස්පරව පිහිටි රූපරාමු දෙකක් පැහැදිලිව හඳුනාගත හැකි වූ අතර ඉන් එක් කොඨාසයක් විදේශීය දරුවන් ද අනෙක් පිරිස දේශීයයන් ද විය.

 විදේශීය දරුවන් සංචාරක මගපෙන්වන්නන්ගෙන් නොයෙකුත් ආකාරයේ ප‍්‍රශ්න අසමින් ද ඒ අවට වූ පෞරාණික දෑ ආශ‍්‍රිත නටබුන්ව ගිය කොටස් ස්පර්ශ කරමින් ද වඩා හොඳ ස්වයං අධ්‍යනයක නිරත වූ ආකාරය ඔවුන්ගේ විමර්ශනශීලී හැසිරීම් රටාවෙන් දැකගත හැකි විය. නමුත් කනගාටුවට කරුණ නම් එම රූපරාමුවෙන් මිදී දේශීය දරුවන් දෙස බලන විට පෙර පැවති තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ව පැවතීම ය. ඔවුන් ගේ අවධානය යොමුව තිබුණේ තමන් අත රැුඳි සුහුලූ දුරකථයේ ඩිජිටල් තිරය දෙසටය. ඔව්, අපේ දරුවන් උන්නේ සෙල්ෆිකට ඇලීගෙනය. ඒ අවස්ථාවේ දී මගේ සිත යළි යළිත් මගෙන් ම ප‍්‍රශ්න කළේ නව පරපුරේ ගවේෂණාත්මක චින්තනය මියයෑම කොතරම් දුරට අනාගතයට බලපෑමක් වනවාද යන්නයි.

 ඉහත සිදුවීම මෙරට අධ්‍යාපනයේ ගුණාත්මක භාවය මිනිය හැකි එක් නියැදියක් ලෙස ගතහොත් අධ්‍යාපනික අනපනත් , විශය නිර්දේශ හා විභාග ක‍්‍රමයන්හි ආනුභාවයෙන් දේශීය සිසු පරපුර ලත් ආකල්පමය හැකියාව පිළිබඳව දළ අදහසක් ලබාගත හැකි වෙයි.

 ශ‍්‍රී ලංකාව තුළ නිදහස් අධ්‍යාපනය යන්න සාධනීය කරුණක් වුවත් භෞතිකව ලබන අධ්‍යාපනික නිදහස පමණක් නොව එය මානසික වශයෙන් ද නිදහස ව පැවතිය යුතු නොවේ ද ?

 අධ්‍යාපනය හා ඉගෙනුම වනාහි අර්ථයෙන් වෙනස්කම් පෙන්වූද පුද්ගලයෙක් බුද්ධිමය හා ආකල්පමය වශයෙන් පරිවර්තනයකට භාජන කිරීමට තුඩු දෙන හේතුකාරකයන් ලෙස නම් කළ හැකිය. අධ්‍යාපනය යනු කිසියම් රටක සමාජ ක‍්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සිය අනාගත පරපුරට පැවරීමට තෝරා බේරාගත් දැනුමයි. අධ්‍යාපනය විධිමත් වුවත් අවිධිමත් වුවත් ඉන් ලබා දෙන දැනුම කිසියම් රාමුවකට සීමා වූවක් බව කිව යුතුය.

 නමුත් ඉගෙනුම තුළදී සිදුකරනු ලබන්නේ අධ්‍යාපනය විසින් ගොඩනැගූ රාමුව ට එපිටින් වූ නව දැනුම සොයායෑමකි.

 ලංකාවේ පාසල් අධ්‍යාපනය පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපනික ක‍්‍රියාවලිය මූලික වන අතර ඉගෙනුම ඊට ආගන්තුක දෙයක්ව පවතියි. සීමිත කාලසීමාවකට යටත්ව අසීමිත විෂය කොටස්වලින් සමන්විත විෂය නිර්දේශ තුළ සිරවී සිටින පාසල් දරුවන්ගේ මානසික සුවතාව ගැන පැනනගිනුයේ විශාල ගැටලූවකි.

 එසේම, පන්තිකාමර තුළ ගුරුභවතුන් විසින් ඇතිදැඩි කරන්නා වූ මේ ගිරවුන්ට විෂය සමගාමී ප‍්‍රායෝගිකත්වය යනු සිහිනයකි. මීට උදාහරණ ලෙස ගතහොත් අපි ලංකාව තුළ කෘෂිකර්ම විෂයේදී භූමිය සකසන්නේද, පාත්ති නිර්මාණය කරන්නේද, බීජ සිටුවන්නේද අවසන ඵලවැල නෙළාගනුයේ ද එක්සයිස් පොතේ අඩිරූලෙන් සලකුණු කර රාමු කරගත් ද්විමාන වගාබිම් තුළය. වෙනත් රටවල්වල ක‍්‍රමවේදය මීට හාත්පස වෙනස් ය. ඔවුන් දරුවා ට ප‍්‍රායෝගිකත්වය මූලික වූ අධ්‍යාපනයක් ලබා දීමට යුහුසුළු වෙයි.

 කුඩා අවදිය තුළ එනම් ජීන් පියාජේගේ ප‍්‍රජානන වර්ධන න්‍යායට අනුව දරුවා සිය පූර්ව සංකල්පන අවධිය නැතහොත් මාස 18-21 සිට අවුරුදු 4, 1/2 දක්වා වූ වයස් සීමාවේ සිට කුතුහලය මූලික කරගනිමින් හැදෙන වැඩෙන ජීවියෙකි. මට හැෙ`ගන පරිදි නම් ඔවුන්ගේ පරිකල්පනය, චින්තනය මරා දමන්නේ පාසල් අධ්‍යාපනය විසින් උරුම කරදෙන තරගකාරී වටපිටාව විසිනි.

 ‘‘ඔබ පෙරපාසලකට හෝ පළමු වසර පන්තියකට ගොස් කතා කරන්න,

 ඔබට විද්‍යාලෝලීන් පිරි පන්තියක් හමුවෙනු ඇත.

 ඔවුන් ගැඹුරු ප‍්‍රශ්න අසයි!

 සිහිනයක් යනු කුමක්ද ?

 අපට ඇ`ගිලි ඇත්තේ ඇයි?

 හඳ රවුම් වන්නේ ඇයි ?

 ලෝකයේ උපන්දිනය කවදාද ?

 තණකොළ කොළ පාට ඇයි ?

 මේවා ඉතා ගැඹුරු සහ වැදගත් ප‍්‍රශ්න වන අතර ඔවුන් ඒවා දැන ගැනීමට ඉතා ආශාවෙන් බලා හිඳී. ඔබ දොළොස්වන වසර පන්තියකට යන්න, අර පන්තිවල සිටි කිසිවෙකුත් දැන් එහි නැත. ඔවුන්ගේ කුතුහලයන් දැන් නැතිවී ගොස් ඇත.

 පෙර පාසලේ සිටි දරුවා දොළොස්වන වසරට යන විට ඒ අතර දරුණු යමක් සිදු වී ඇත.”

 ඇමෙරිකානු විද්‍යාඥ කාලෝ සේගන් ගේ අදහසට අනුව ඔහු පාසල් අධ්‍යාපනයේ ස්වභාවය ඉදිරිපත් කරනුයේ එලෙසිනි. නූතන තරගකාරී අධ්‍යාපනයේ තේමා පාඨයක් ලෙස ‘‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” යන්න හඳුන්වා දිය හැකිය. දරුවන් එක් දෙයකට පමණක් නොව පැතිකඩ කිහිපයකට දස්කම් දක්වන අතර පීඩකාරී අධ්‍යාපන රටාව මත ඔහු හෝ ඇය කේන්ද්‍රගත වන්නේ බෙදා වෙන් කර ගත් එක් සීමාවකට පමණි. එබැවින් වර්තමානය මතින් ගොඩනැගෙන බහුකුසලතා සපිරි ලියනාඩෝ ඩාවින්චි ලා රුක්මනී දේවිලා අඩුවීම පුදුමක් නොවෙයි.

 ඉතින් කුමරතු`ගුවන් කියූ පරිදි ‘‘අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” යන්නට අනුලෝම වශයෙන් මෙරට ජාතික සංවර්ධනය තීරණය වීම පුදුමයක් නොවනු ඇත. එසේම කොරෝනා වසංගත කාලසීමාවත් සමග ඔන්ලයින්කරණීය වූ අධ්‍යාපන රටාව තුළින් බිහිවන්නා වූ රොබෝ චින්තනය සිසුන්ගේ පාරිසරික සංවේදීතාව බිඳ දමා ඇත. ගෝලීයකරණය හමුවේ එම තත්ත්වයන්ට නිවැරදිව මුහු නොවීමේ ප‍්‍රතිඵලයක් ලෙස පෙර සඳහන් කළ අත්දැකීම් මගේ දෙනෙතේ සනිටුහන් වන්නට ඇත. අප දරුවන්ට පුහුණු කළ යුත්තේ ඩිජිටල්කරණයෙන් තොර ලෝකයක ජීවත් වීමට නොවේ. ඒ හා බැඳී පවතින අනගිකම් ඉස්මතු කරගනිමින් නව ලෝක සොයා යෑමට ය.

 මේ සියලූ කරුණු මගින් මම කියාසිටිනුයේ ලංකාව තුළ පාසල් අධ්‍යාපනය ප‍්‍රායෝගීකරණය වීමේ අවශ්‍යතාව යි. මීට සමගාමී වැදගත් අවස්ථාමය උදාහරණයක් සපයනුයේ ‘‘හරි පුදුම ඉස්කෝලේ ” කෘතිය යි. ටෝමෝවේ පාසල තුළ තමන්ට කැමති විෂයක් සමග දවසේ වැඩිකාල වේලාවක් ගත කිරීමට දරුවන්ට ලබාදෙන නිදහස ඉතා ධනාත්මක ලෙස ඔවුන්ගේ ඉදිරි ජීවිතය ගොඩනගා ගැනීමේ දි වැදගත් වෙයි. තමාගේ රුචිකත්වයට අනුව තෝරාගත් විෂය පථයන් තුළ ප‍්‍රායෝගික වීමට දරුවන්ට ඉඩ සැලසීම ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තීන්ට ඇතුළත් විය යුතු නොවේද ?

 දහතුන් වසරක අධ්‍යාපනය සම්පූර්ණ කිරීම මත තරගකාරී උසස්පෙළ විභාගයෙන් දක්ෂතා දක්වන සීමිත පිරිසක් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ට ඇතුළත් කරගනු ලබයි. නමුත් කුමන හෝ විභාගයකදී ලබාගන්නා ප‍්‍රතිඵලය රඳාපවතිනුයේ ඊට සහභාගි වන විභාග අපේක්ෂකයා විභාගය පවත්වන කාලසීමාව තුළ අදාළ විෂය කරුණු එකිනෙකට සම්පිණ්ඩනය කරගනිමින් එකී අවස්ථාවට මුහුණ දෙන ආකාරය අනුවය. මෙරට විහාග ක‍්‍රමවේදය හමුවේ උසස් අධ්‍යාපන වරම් හිමි වන්නන්ට වඩා අහිමි වන දක්ෂයන් ප‍්‍රමාණය වැඩිය. එබැවින් තවත් රාජ්‍ය විශ්වවිද්‍යාල ශ‍්‍රී ලංකාව තුළ ආරම්භ කළ යුතුව පවතී. එසේම උපාධිදාරීන් මුහුණ දෙන විරැුකියා අර්බුදයට පිළියම් ලෙස නව උපාධි පාඨමාලා විශ්වවිද්‍යාලයන්ට හඳුන්වාදිය යුතු ය. සාමාන්‍යයෙන් වර්ෂයක දී විශ්වවිද්‍යාලය සඳහා වැඩිම සිසුන් ප‍්‍රමාණයක් ඇතුළත් වන්නේ ශාස්ත‍්‍ර පීඨයන්ට ය. ඒ හේතුවෙන් රැුකියා ඉල්ලූම හා ඒ ආශ‍්‍රිත රැුකියා සඳහා සුදුසුකම් ලත් ප‍්‍රමාණය වැඩිවීම මත රැුකියා ලබාදෙන ලෙස ඉල්ලමින් රජයට බලපෑම් කරන උපාධිදාරීන් මහාමාර්ග අවට අපට නිතරම පාහේ දැකබලාගත හැකි වේ. ඊට පිළියම් ලෙස මා යෝජනා කරනු ලබන්නේ උසස්පෙළ සඳහා කලා අංශයෙන් පෙනී සිටි සිසුන්ට විශ්වවිද්‍යාල ආශ‍්‍රිතව පොදු විෂය මාලා හඳුන්වාදීම වැදගත් බවයි. ප‍්‍රායෝගික වූත් නව රැුකියා වෙළඳපළට සරිලන වූත් විෂයන් ගේ ප‍්‍රායෝගිකත්වය ද ඊට සමගාමීව වැඩි විය යුතුය. එවිට උපාධිධාරී තරුණ ප‍්‍රජාව නව ව්‍යවසායකයන් වශයෙන් සිය අනාගතය ගොඩනගා ගැනීමට පෙළඹෙනු ඇත.

 විශ්වවිද්‍යාල ආශ‍්‍රිතව සිසුන් මුහුණදෙන තවත් එක් ගැටලූවක් ලෙස අධ්‍යන කාල සීමා දීර්ඝ වීම දැක්විය හැකිය. විශ්වවිද්‍යාල සඳහා බඳවාගන්නා තෙක් අවුරුද්දක පමණ කාලසීමාවක් නිවසෙහි ගත කිරීමට සිසුන්ට සිදු වීම කනගාටුවට කරුණකි. එසේම උපාධි පාඨමාලා කාලය අවුරුදු හතරක් නම් එය තවත් අවුරුද්දකින් පමණ දීර්ඝ වීමද උපාධි ප‍්‍රදානෝත්සවය තවත් වසර දෙකකින් පමණ පැවැත්වීම ද මත තරුණ ප‍්‍රජාව විශාල ගැටලූ රැුසකට මුහුණදීමට සිදුවෙයි. මෙම අධ්‍යන කාලසීමාවන්හි ප‍්‍රමාදයන් නිරාකරණය කරගනිමින් අඩුකාලයක් ඇතුළත උපාධි පාඨමාලාව සම්පූර්ණ කරගැනීමට සිසුන්ට අවස්ථාව සලසාදීමට රජය ක‍්‍රියාකල යුතු වෙයි.

 රාජ්‍ය විශ්වවිද්‍යාලය පද්ධති තුළ දැනට, අවම වශයෙන් හා බොහෝ විට දක්නට නොලැබෙන නාවික, ගුවන් ආශ‍්‍රිත පාඨමාලා හඳුන්වාදීම සිදු කළ යුතුය. එවන් උපාධි දැනට බොහෝ ලෙස පිරිනමනු ලබනුයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආශ‍්‍රිතව වීමත් ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීමත් මත සාමාන්‍ය පවුල් පසුබිමක ජීවත්වන සිසුන්ටද එවැනි

 රැුකියා අවස්ථාවන් සඳහා ළ`ගාවීම උදෙසා මෙම නව ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ යුතුව පවතියි. විශ්වවිද්‍යාලය පද්ධතිය වනාහි නව දැනුම සොයා යමින් ඒවා ප‍්‍රායෝගිකත්වය සමග ගලපමින් දේශීය සංවර්ධනය උදෙසා දායකත්වය ලබාදෙන දැනුම් මධ්‍යස්ථාන ය එබැවින් ඒ ආශ‍්‍රිත භෞතික පහසුකම් වර්ධනය කිරීමට හා විශ්වවිද්‍යාලයන් හි පර්යේෂණ සඳහා දායකත්වයද වැඩිවශයෙන් දැක්වීමට ජාතික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කළ යුතු වෙයි.

 අමාදි සංජනා දසනායක
 කළමනාකරණ පීඨය
 රජරට විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment