ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය හෙට ඇරැඹේ

75

දියතලාව යුද හමුදා විද්‍යා පීඨය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය හෙට (21 වැනිදා) දියතලාව නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය අවසන් වරට 2019 වසරේදී පැවැති අතර රට තුළ ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය සහ තවත් හේතු මත වසර 4ක විරාමයකින් අනතුරුව මෙවර තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

28 වන වරට පැවැත්වෙන ෆොක්ස් හිල් සුපරි ක්‍රොස් මෙවර තරගාවලියේදී යතුරුපැදි සහ මෝටර් රථ තරග ඉසව් 26 ක් පැවැත්වෙන අතර විදෙස් තරගකරුවන් ද සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment