හරින්ගේ ලැයිස්තු අසුන ගැන මත කිහිපයක්
සමගි ජනබලවේගය සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත්වීමට නියමිතය. ඒ අනුව ඒ මහතා එම ධුරය සඳහා ඉදිරියේදී නම් කිරීම සිදුවන අතර සජබ පක්ෂ සම්මේලනයකදී එය නිල වශයෙන් යෝජනා කොට ස්ථිර කර ගැනීම සිදුවනු ඇත.
මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ මනුෂ නානායක්කාර මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත්වනු ඇත.
මේ අතර හරින් ප්‍රනාන්දු මහතාගෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුස්සෙකු පත්කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා යම් අයකු පත්කිරීම සම්බන්ධයෙන් මත කිහිපයක් ඉදිරිපත්ව ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ‘දිවයින ඉරිදා සංග්‍රහ’යට පැවසීය.
එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුජීව සේනසිංහ යන මහත්ම මහත්මීන්ගේ නම් ද ඒ සඳහා යෝජනාවී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියා සිටී. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් ඔහුගෙන් හිස් වන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය ලැයිස්තුවේ ඊළඟට සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නිතැතින්ම හිමිවනු ඇත. එබැවින් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අයකු පත්කිරීම තව දුරටත් සාකච්ඡා මට්ටමේ තිබෙන බව ඉහත ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.
අකිත පෙරේරා