ෆොනී සජබ තනතුරු අත්හරී

625

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබේ .ඒ අනුව සජබ කැලණිය ආසනය සංවිධායක ධූරයෙන් ද ඉල්ලා අස්වී ඇත.

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වී සිටින අතර ඒ වෙනුවෙන් පසුගිය 05 වැනිදා ඇප මුදල් ද තැන්පත් කළේය.අද පස්වරු 3.00ට ඒ මහතා සිය පළමු මාධ්‍ය හමුව බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වීමට පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment