1983 ජුලි 23 දා කළු ජුලි කලබලය සිදු වී අදට වසර 38 කි. මෙම කලබලකාරී තත්ත්්වයට රාජ්‍ය නොවන සංවිධාන නම් කළේ කළු ජුලිය යනුවෙනි. එහෙත් කොටි සංවිධානය ජුලි මාසය තුළ අපරාධ වැඩිම සංඛ්‍යාවක් සිදුකර තිබේ. මේ කලබලයට හේතු වූයේ කොටි ත‍්‍රස්තයන් හමුදා සෙබළුන් 13 ක් මිලෙච්ඡ ලෙස ඝාතනය කිරීමයි. සෙබළුන් ඝාතනය කර ගිනි ඇවිළීම ප‍්‍රභාකරන්ගේ අරමුණ විය.
ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ සිදු වූ මෙම සෙබළුන් ඝාතනය කොළඹට වාර්තා වූ අතර සිරුරු ගම්වලට ගෙන ගිය හොත් කලබල ඇතිවනු ඇතැයි රජය සිතුවේය. ඒ අනුව සෙබළුන්ගේ සිරුරු ඔවුන්ගේ මවුපියන් සහ බිරියන් වෙත භාර නොදී කොළඹ කනත්තේ සිදුකිරීමට රජය තීරණය කළේය. 1983 ජුලි 23 දා යාපනයේ තිරුනාවෙලිහිදී හමුදාවේ ෆෝ ෆෝ බා‍්‍රවෝ ධුර සංචාරක භට පිරිස ගමන්ගත් ජීප්රිය බෝම්බයක් අටවා පුපුරනු ලැබීය. මෙයට හේතුව වූයේ කොටි සංවිධානයේ ආරම්භක සාමාජික චාලස් ඇන්තනි හමුදා ප‍්‍රහාරයකින් මිය යෑමයි. මේ සමයේ හමුදාපතිවරයා තිස්ස වීරතුංගයි. ඝාතනයට ලක් වූ සෙබළුන්ගේ සිරුරු කැරලි මර්දන ඒකකයේ රැකවල් මැද කනත්තේ සිදු කිරීමට නියමිත වූ අතර සිරුරු මවුපියන්ට ලබාදීම ප‍්‍රතික්‍ෂේප විය. ඒ වනවිට සෙබළ සිරුරු පලාලි කඳවුර වෙත ගෙනැවිත් තිබුණි. සිදුවන්නේ කුමක්ද යන්න විමර්ශනය කිරීමට අප කනත්ත අසලට යනවිට විශාල ජන සමූහයක් වනාතමුල්ල සහ ගෝතමී පාර ඔස්සේ කනත්ත අසලට එන බවට දැක ගැනීමට හැකිවිය. ඇතැම් පිරිස පැමිණියේ කොටාපාර දුම්රිය මාර්ගය ඔස්සේයි.
මේ අතර සෙබළුන්ගේ සිරුර රැුගත් ඇව්රෝ යානාව රත්මලාන ගුවන් තොටුපළට පැමිණියේ රාත‍්‍රී 7.30 ට පමණය. සිරුරු මවුපියන්ට භාරදෙන ලෙස කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප වීම නිසා රැුස්ව සිටි ජනතාව අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති විය. රජය ජනතාව පාලනය කිරීමට සහකාර පොලිස් අධිකාරී ගපූර්ව යොදවා තිබුණත් ඔහුට තත්ත්වය පාලනය කිරීමට නොහැකි විය. ගපූර්ගේ හිසටද ගල් පහරක් එල්ල විය. මේ අතර නාරාහේන්පිට, ග‍්‍රෑන්ඞ්පාස් තිඹිරිගස්යාය, දෙමටගොඩ, කොලොන්නාව ඇතුළු ප‍්‍රදේශවල සිට කලහකාරී පිරිස බොරැල්ල දෙසට පැමිණියහ. බොරැල්ල කනත්ත වෙත ගෙන ආ සෙබළුන්ගේ සිරුරු සඳහා පාංශුකූලය දීම ද තහනම් විය. එම තීරණය ඇවිළෙන ගින්නට සිදුරු දැමීමකි.
සෙබළුන්ගේ මරණවලට මුවාවී බොරැල්ලේ කලබල ඇති කිරීමට පැමිණි පිරිස අතර වනාතමුල්ලේ සහ ගෝතමී පාරේ සිටි ප‍්‍රකට දේශපාලන හෙන්චයියන් ගේ කණ්ඩායම් ද විය. මේ අතර බොරැල්ලේදී කලහකාරීහු පහරදීම් ක‍්‍රියාත්මක කළහ. බොරැල්ල මංසන්ධියේ පිහිටි සුප‍්‍රකට මැගසින් මාලිගයද ගින්නෙන් වැනසිනි. කොටුවේ සෝනි බිල්ඩිමට ද සිදු වුණේ එයයි. දේශපේ‍්‍රමී ලේබලයට මුවාවූ සිංහල සහ මුස්ලිම් මැර කණ්ඩායම් කොල්ලකෑම්ද සිදු කළහ. සිංහල සිනමාවේ ඉතිහාසය වූ හැඳල විජය චිත‍්‍රාගාරය මුළුමනින්ම ගින්නෙන් වැනසී ගියේය.ප‍්‍රකට චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වූ ඉන්දික ජාතික වෙන්කට් ගමන් කළ වාහනයට ද ගිනි තැබූ මැරයෝ ඔහුව එම වාහනය තුළ දමා පුළුස්සා දැමූහ. මේ සියලූදේ සිදුවන තුරු රජය බලා සිටියේය. ඉන්පසු රජය පැවසූවේ මේ කලබලකාරී සිදුවීම් සහ ද්‍රවිඩයන් ඝාතනයට ජ. වි. පෙ. සහ වාමාංශික පක්‍ෂ සම්බන්ධ බවයි. එම ප‍්‍රකාශයෙන් පසු එකී පක්‍ෂ තහනම් කෙරුණි. මේ කලබල සමයේ රජයේ එක් ප‍්‍රබල දේශපාලකයෙක් කොළඹ වරායේ නැවක සැ`ගවී සිටියේය.
කලබල පිටුපස සිටියේ කැලණියේ දේශපාලකයෙකි. කලහකාරීන් මර්දනය සඳහා ආරක්‍ෂක හමුදාව යෙදවීමට රජයක‍්‍රියා කළේ නැත. ජුලි කලබලයේ 2 වැනි දින වූ ජුලි 24 වැනි සෙනසුරාදා කොළඹ බණ්ඩාරනායක සමරුහලේ සෝනි සමාගමේ සමුළුවක් පැවැත්වීමට සූදානම් කර තිබූ අතර පෙරවරු 10.00 ට පමණ වාර්තා වුයේ කොටුවේ සෝනි ගොඩනැඟිල්ලට ගිනිතබා ඇති බවයි. අප බෞද්ධාලෝක මාවත වෙත පැමිණෙන අවස්ථාවේ එවකට ප‍්‍රබල දේශපාලකයකු යටතේ පැවැති දුම්කොළ සංස්ථාවේ සේවකයන් පොලූ රැුගෙන ත‍්‍රිරෝද රථවල යන අයුරු දක්නට ලැබුණි.
එහෙත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තේ නැත. ඒ වනවිට ද්‍රවිඩයන් සමූලඝාතනය කරන බවට දැක්වෙන තොරතුරු විදේශ ගත විය. වයින් ස්ටෝර්ස් මෙන්ම ස්වර්ණාභරණ සාප්පු කඩා බඩු පැහැර ගන්නා අයුරු අපි සියසින් දුටුවෙමු. එහි ප‍්‍රතිඵලයක් වුයේ ජර්මනිය කැනඩාව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ඔස්ටේ‍්‍රලියාව, නෝර්වේ, ස්විඩනය ඇතුළු රටවල්වලට යෑම සඳහා ද්‍රවිඩයන් විශාල ලෙස තානාපති කාර්යාලවලට රොක්වීමයි. මෙම කලබලකාරී සිද්ධිය ඉතා බරපතළ ලෙස ව්‍යාප්ත වූ අතර එය වැලිකඩ සිරගෙදර දක්වාද පැතිරිණි. වැලිකඩ සිටි ද්‍රවිඩ සිරකරුවන් 37 ක් ඝාතනය කිරීමට එහි සිටි සිංහල සිරකරුවෝ ක‍්‍රියා කළ බව හෙළි විය. මේ අතර ද්‍රවිඩ නිවාස අවන්හල් යන ව්‍යාපාරික ස්ථානද දැවී ගියේය. ආමර් වීදියේ රූපවාහිනී වෙළෙඳසැලක් කඩා කොල්ලකරුවන් රූපවාහිනී යන්ත‍්‍ර හිස මත තබාගෙන යව අයුරු ද අපි දුටුවෙමු. මේ සමයේ් ජංගම දුරකථන හෝ වෙබ් අඩවි නොතිබූ නිසා සාවi ප‍්‍රචාර රැුසක් අවට ලෝකයාට විකාශ නොවූවත් ද්‍රවිඩයන් මරා දමා ඇති බවට දැක්වෙන විදෙස් පුවත් ප‍්‍රචාරය විය. රජය රටපුරා ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ජුලි 26 දායි. එය අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වසා දැමීමටත් වැනි ක‍්‍රියාවකි.
ජුලි කලබලයේ මූලිකයන් වුයේ එවකට රජයට සම්බන්ධ පාර්ශ්ව වුවත් වරද පටවනු ලැබුවේ ඊට සම්බන්ධව නොවූ පිරිසකටය. මේ අතර ද්‍රවිඩයන් 10000 වඩා ඝාතනය වූ බවට බොරු ප‍්‍රචාරයක්ද ලොව පුරා ව්‍යාප්ත විය. විදේශ ඒජන්සි පැවසූවේ මියගිය සංඛ්‍යාව 400 ක් 3000 ක් අතර බවයි. වසර කීපයකට පසු කළු ජුලිය ගැන විවිධ ප‍්‍රකාශ නිකුත් වූවත් රජය වරදකරු හෙළි කළේ නැත. කෙසේ වෙතත් ජුලි කලබලය නිසා කොටි ඩයස් පෝරාව ප‍්‍රබල විය. රාජ්‍ය නොවන සංවිධාන කළු ජුලිය ගැන පැවසූවත් එය මෙහෙය වූයේ එවකට රජයේ පාර්ශ්ව බව පැවසීමට ක‍්‍රියා කළේ නැත. මේ සිද්ධිය මෙරට ඉතිහාසයේ සිදු වු කළුපැල්ලමකි. ඉන් ප‍්‍රභාකරන් ලොව පුරා ප‍්‍රචාරය කළ සිංහලයන් විසින් ද්‍රවිඩයන් ඝාතනය කරන බවට දැක්වෙන ප‍්‍රචාරය තහවුරු විය. එය වර්ධනය වුයේ ලන්ඩන් නුවර ටයිම්ස් පුවත්පත හමුදාව ද්‍රවිඩයන්ට කොල්ලකෑමට උදව් කරන බවට පුවතක් පළ කිරීමේ මේ පසුබිම මැද ජුලි 28 වැනිදා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා කලබල නිසා ඉන්දියාවට බරපතළ ප‍්‍රශ්නයක් ඇති වී තිබෙන බව පැවසීමයි. එම ප‍්‍රකාශයෙන් පසු ඉන්දීය විදේශ ඇමැති නරසිංහ රාම් මෙරටට පැමිණියේය. ජුලි 30 දා ජේ. ආර්. රජය කොමියුනිස්ට් පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ සහ නව සමසමාජ පක්‍ෂය තහනම් කර නායකයන් කීපදෙනෙක් අත්අඩංගුවට ගැනුණි. මේ තත්ත්වය මැද පොලිසියට බරපතළ චෝදනා එල්ල වූවත් ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරින් ඇඟ බේරා ගත්හ. කොල්ලකරුවන් 15 කටද පොලිසිය වෙඩි තබා මරා දමනු ලැබීය. 1983 ජුලි 23 ඇති වූ කලබලකාරී තත්ත්වය කොටි ඩයස්පෝරාව විසින් ඔවුන්ගේ
ප‍්‍රචාරක කටයුතු සඳහා යොදාගනු ලැබීය. එහෙත් කලබලකාරී තත්ත්වයට සම්බන්ධ වූවෝ කවුරුන්ද? ඒ ග‍්‍රැන්ඞ්පාස්, කිරුලපන සහ කොටහේන මරදාන මෝදර, මුට්වෝල් නාරහේන්පිට කොම්පඤ්ඤවීදිය වනාතමුල්ල වැල්ලවත්ත, දෙහිවල, කොළොන්නාව වැනි ප‍්‍රදේශවල සිටි මැර පිරිස් සහ කොළඹ ,තොටලඟ පැල්පත්වල සිටි මැරයන්ය. එහෙත් රාජ්‍ය නොවන සංවිධාන සහ විදේශ මාධ්‍ය විසින් එය ප‍්‍රචාරය කරනු ලැබුවේ මුළු සිංහල බහුතරය ඊට සම්බන්ධ වූවක් ලෙසකි. දකුණු කොළඹ බටහිර කොළඹ බොරැුල්ල වැනි ප‍්‍රදේශවල හිටපු රජයේ දේශපාලකයන්ට සම්බන්ධ මැර කණ්ඩායම්ද ජුලි කලබලයේ ප‍්‍රමුඛයන් වූවත් රජය ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා කළේ නැත. කලබලකාරී තත්ත්වය උත්සන්න වීමට ඉඩ දී රජය පැවසුවේ කොල්ල කෑ භාණ්ඩ මහා මාර්ගය අසලට ගෙනැවිත් තබන බවටය. මෙවන් පසුබිමක් මැද කොටි ඩයස්පෝරාව මෙන් මෙරට රාජ්‍ය නොවන සංවිධාන ද ජුලි කලබලය සෑම වසරකම පෙන්නුම් කර අරමුදල් තර කර ගනිති. එහෙත් එම කලබලයට මඟපදූ උතුරේ සෙබළුන් ඝාතනය අමතක වී ඇත.
– කීර්ති වර්ණකුලසූරිය