දිවංගත මංගල සමරවීර මහතාගේ තෙමස් පූර්ණ සිහිකිරීම වෙනුවෙන් ඒ මහතාගේ පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් විසින් සංවිධානය කරනු ලබන පෞද්ගලික සහ පොදු කාර්යයන් රාශියකින් සැදුම්ලත් ”මතක මංගල” වැඩසටහන මෙම මස 23 වැනිදා සිට 26 දක්වා සිව්දිනක් පුරා පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත.
රටම අගුලූ දමා දැඩි වසංගත තහංචි ක‍්‍රියාත්මක වූ මොහොතක පසුගිය අගෝස්තු 24 වෙනිදා හදිසියේ සිදුවූ ඛේදජනක අවසන් සමුගැනීම හේතුවෙන් මංගල සමරවීර මහතාගේ ජීවන ගමනේ විවිධ කාලවලදී ඔහු සමඟ එක්ව කටයුතු කල සැමට ඒ මහතාගේ මෘත දේහය දැකබලා ගැනීමට හෝ තම අවසන් ගෞරව පුද කිරීමට පවා නොහැකි විය.
ඒ අනුව ”මතක මංගල” වැඩසටහන මගින් මංගල හඳුනන සෑම අයෙකුටම, ඔහුව සිහිපත් කිරීම සහ ඔවුන්ගේ ගෞරවය දැක්වීම පිණිස අවස්ථාවක් ලබා දීමට උත්සාහ ගන්නා බව සංවිධායක මණ්ඩලය පවසයි.
”මතක මංගල” වැඩසටහන් මාලාව සාම්ප‍්‍රදායික බෞද්ධ චාරිත‍්‍ර වාරිත‍්‍රයෙන් අනුව නොවැම්බර් 20 වැනි සෙනසුරාදා මාතර බෝධියේ දී රාත‍්‍රී 07.00 සිට 08.00 දක්වා පැවැත්වේ.
23 වැනි අඟහරුවාදා රාත‍්‍රී කොළඹදී වල්පොල රාහුල ආයතනාධිපති පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් පැවැත්වේ. ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් රාත‍්‍රී 7 ධර්ම දේශනාව ආරම්භවේ.
24 වැනිදා මංගල සමරවීර මහතාගේ පවුලේ අය ඔහු සිහි කිරීම වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට දානමය පින්කමක් ද
25 වැනිදා මංගල සමරවීර මහතාගේ භස්මාවශේෂ පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ පිහිටිිද රෙස්ට්පෙක්ට්’ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරේ.
26 වැනිදා උදෑසන මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ සීමිත වාහන පෙරහැරකින් ඔහුගේ පවුලේ අය සහ හිතමිතුරන් විසින් මාතරට රැුගෙන යනු ඇත.
පසුව මංගල සමරවීර මහතාගේ මග පෙන්වීමෙන් ප‍්‍රතිසංස්කරණය කරන ලද ප‍්‍රජා මධ්‍යස්ථානයක් වන නූපේ ඕලන්ද වෙළඳපොළ ශාලාවේ දී ජනතා ගෞරවය සදහා ඔහුගේ භෂ්මාවශේෂ පස්වරු 2 – 4 දක්වා තැන්පත් කිරීමට නියමිතය.
පස්වරු 4 ට බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක‍්‍රිස්තියානි සම්ප‍්‍රදායන් නියෝජනය කරන පූජකවරුන් විසින් ආගමික වතාවත් සිදු කරනු ලබන අතර, පසුව සමරවීර පවුලේ සොහොනෙහි තැන්පත් කිරීම සඳහා භෂ්මාවශේෂ පෙරහැරකින් මාතර සුසාන භූමියට රැගෙන යනු ඇත.
|