අංක එකේ එංගලන්තයට එරෙහිව ශී‍්‍ර ලංකාව අද – විස්සයි විස්ස සටන අරඹයි

345

කසුන් රණවීර

වසර තුනකට පසු එංගලන්තයේ තරග සංචාරයක නිරත වන ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන තරග 3කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (23 වැනිදා) පැවැත්වේ. එ් අනුව දෙරට අතර දිවා රාතී‍්‍ර තරගයක් ලෙසින් කි‍්‍රයාත්මක වන අදාළ තරගය කාර්ඩිස්හිදී ශී‍්‍ර ලංකා වේලාවෙන් අද රාතී‍්‍ර 11.00ට ආරම්භ වේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට 2018 වසරේදී විස්සයි විස්ස තරගයකදී එංගලන්ත කණ්ඩායම මුණ ගැසුණු අතර එහිදී ලකුණු 30ක තරග පරාජයක් අත්විඳීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදු විය. කෙසේ වෙතත් 2018 වසරේදීම පාකිස්තානයට එරෙහිව 3-0කින් විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනීමට සමත්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ දක්වා එකදු විස්සයි විස්ස තරගාවලියක් හෝ තරගයක් ජය ගැනීමට සමත්වී නොමැත. එ් අනුව 2018න් පසු පිට පිටම විස්සයි විස්ස තරගාවලි 4ක් පරාජයට පත්වී ඇති ශී‍්‍ර ලංකා කණ්ඩායම එ් අතරවාරයේ තරග 9ක් පිට පිටම පරාජයට පත්වී තිබේ.

එංගලන්තය ජාත්‍යන්තර විස්සයි විස්ස කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාව එහි අට වැනි ස්ථානයේ පසුවේ. එ් අනුව අයි.සී.සී. ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළට එ්මට මෙන්ම පිට පිටම ලබා ඇති තරගාවලි සහ තරග පරාජයන් වැළට තිත තැබීමට මෙම තරගාවලිය ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව බවට මේ වන විට පත්ව තිබේ. ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 9ක් පවත්වා ඇති අතර එහිදී තරග 5ක් ජය ගැනීමට එංගලන්තය සමත්වෙද්දී ඉන් තරග 4ක් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වී තිබේ. එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව අවසන් වරට විස්සයි විස්ස තරගයක් ජය ගැනීමට සමත්ව ඇත්තේ 2014 වසරේදීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් පෙරේරාට හිමිව ඇති අතර එ් අනුව අද තරගය කුසල් පෙරේරා විසින් මෙහෙයවනු ලබන පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය බවට පත් වේ. එංගලන්ත කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ඉයන් මෝගන්ට හිමිව තිබේ. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් සහ දිමුත් කරුණාරත්න සංචිතයට නම් නොකෙරුණු අතර එ් වෙනුවට ප‍්‍රවීන් ජයවික‍්‍රම, අසිත ප‍්‍රනාන්දු, ඉෂාන් ජයරත්න, ෂිරාන් ප‍්‍රනාන්දු සහ චරිත් අසලංක වැනි නවක කී‍්‍රඩකයන් රැුසක් ශී‍්‍ර ලංකා සංචිතයට නම් කර තිබේ.

මේ අතර දෙරට අතර පැවැත්වන විස්සයි විස්ස තරගාවලිය සහ එක්දින තරගාවලිය නැරඹීම සඳහා සීමිත පේ‍්‍රක්ෂක පිරිසකට අවසර දීමට එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. එ් අනුව කොරෝනා ව්‍යාප්තියෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායම පේ‍්‍රක්ෂක පිරිසක් ඉදිරියේ තරගයක් කී‍්‍රඩා කරන පළමු අවස්ථාව මෙය වේ.

සත්කාරක එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (24 වැනිදා) සහ තෙවැනි සහ අවසන් තරගය ලබන 26 වැනිදා පැවැත්වේ.

ශී‍්‍ර ලංකා සංචිතය –

කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අවිෂ්ක ප‍්‍රනාන්දු, ඕෂධ ප‍්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චරිත් අසලන්ක, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, බිනුර ප‍්‍රනාන්දු, නුවන් ප‍්‍රදීප්, ශිරාන් ප‍්‍රනාන්දු, ප‍්‍රවීන් ජයවික‍්‍රම, අසිත ප‍්‍රනාන්දු, ඉෂාන් ජයරත්න.

එංගලන්ත සංචිතය –

ඉයන් මෝගන් (නායක), මොයින් අලී, ජොනතන් බෙයාර්ස්ටෝ, සෑම් බිලින්ග්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩෝසන්, ක‍්‍රිස් ජෝර්දාන්, ලියම් ලිවිංස්ටෝන්, ඬේවිඞ් මාලන්, අදිල් රෂීඞ්, ජේසන් රෝයි, ඬේවිඞ් විලී, ක‍්‍රිස් වෝක්ස්, මාක් වුඞ්

advertistmentadvertistment
advertistmentadvertistment