අංක එකේ කී‍්‍රඩිකාව ටෙනිස් පිටිය  හැර යයි

507

ලොව අංක එකේ ටෙනිස් ශූරිය වන ඇශ්ලේ බාර්ටි ටෙනිස් කී‍්‍රඩා පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. අන්තර් ජාලය හරහා වීඩියෝවක් නිකුත් කරමින් ඇය මේ බව ප‍්‍රකාශ කර තිබේ.

 25 වැනි වියේ පසුවන ඇශ්ලේගේ මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් ටෙනිස් ලෝකයම මවිත වී ඇති අතර වෙනත් කේෂ්ත‍්‍රයන් හි අවස්ථා උරගා බැලීමට තමන් මෙම තීරණය ගත් බව ඇශ්ලේ විසින් නිකුත් කර ඇති වීඩියෝවේ සඳහන් වේ.

 2019 වසරේදී සිය පළමු ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාව හිමිකර ගැනීමට සමත්වූ ඇශ්ලේ එතැන් පටන් ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩිකාව ලෙසින් මේ දක්ව ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ රැඳී සිටියාය.

 පසුගිය වසරේදී පැවැති ඔස්ටේ‍්‍රලියානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාවලියේදී ශූරතාව දිනා ගැනීමටද ඇශ්ලේ බාර්ටි සමත්වූ අතර වසර 44කට පසු ඔස්ටේ‍්‍රලියානු විවෘත කාන්තා හෝ පිරිමි ශූරතාවක් දිනා ගත් පළමු ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාව ලෙසින් ඇය ඉතිහාස ගත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment