අංක එක; ෂම්සි සහ අංක දෙක; වනිඳු ගැටෙන ශී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා පළමු විස්සයි විස්ස අද

216

ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ අංක එකේ පසුවන ටම්රිෂ් ෂම්සි සහ අංක දෙක  ස්ථානයේ පසුවන වනිඳු හසරංග තරග වදින සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර කි‍්‍රයාත්මක වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය අද (10 වැනිදා) ආරම්භ වේ. එ් අනුව දෙරට අතර තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 8.00ට කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වේ.

දෙරට අතර කි‍්‍රයාත්මක වූ තරග එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් ජය ගැනීමට සත්කාරක ශී‍්‍ර ලංකාව පසුගියදා සමත්විය. එ් අනුව අද ආරම්භ කෙරෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා හොඳ ජයග‍්‍රාහී මානසිකත්වයකින් පිටියට පිවිසීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබේ. ඊට අමතරව ශ‍්‍රී ලංකාව මවුබිමේදී අවසන් වරට සහභාගි වූ විස්සයි විස්ස තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව 2-1ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සමත්වී සිටීමද අද තරගයට යහපත් මානසිකත්වයක් ගෙනදීමක් බවට පත්ව තිබේ.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර අවසන් වරට පසුගිය 2019 මර්තු මසයේදී පැවැති විස්සයි විස්ස තරගාවලියේදී 2-0ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගැනීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත්වූහ. එ් අනුව මෙවර සත්කාරක බිමේදී වසර දෙකකට පසු දකුණු අපි‍්‍රකානුවන්ට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනීමට ශී‍්‍ර ලංකාවට මෙවර අවස්ථවක් නිර්මාණය වී තිබේ. නිමාව වූ එක්දින තරගාවලිය ජය ගනිමින් වසර 8කට පසු දකුණු අපි‍්‍රකානුවන්ට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගත් ශී‍්‍ර ලංකාව වසර දෙකකට පසු ඕනෑම රටකට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත්විය. එ් අනුව අද පැවැත්වෙන විස්ස විස්ස තරගාවලියද ජය ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකියාව ලැබුණහොත් දකුණු අපි‍්‍රකාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාවට අවස්ථාව සැලසේ.

ශ‍්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 13ක් පවත්වා ඇති අතර එහිදී ඉන් තරග 7ක් ජය ගැනීමට දකුණු අපි‍්‍රකාව සමත්වී ඇති අතර තරග 5ක් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්වී තිබේ. එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත්වී තිබේ.

අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවනු ලබන අතර බොහෝදුරට වෙනසක් නොවී එක්දින තරගාවලිය කී‍්‍රඩා කළ කණ්ඩායමම විස්සයි විස්ස තරගාවලියේදීත් කී‍්‍රඩා කිරීමට වැඩි ඉඩක් පවතී. දකුණු අපි‍්‍රකානු විස්සයි විස්ස සංචිතය සඳහා එක්දින තරගාවලියට කී‍්‍රඩා නොකළ ක්වින්ටන් ඩි කොක්, ජෝර්න් කාල්, ඬේවිඞ් මිලර්, සිසන්ද මාගලා සහ  ලූන්ගින්ගිඩි වැනි කී‍්‍රඩකයින් කැඳවා තිබේ.

දකුණු අපි‍්‍රකානු පන්දු බල ඇණියේ ප‍්‍රධානතම තුරුම්පුව වන ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන ටබ්රිස් ෂම්සි කෙරෙහි මෙම තරගාවලියේදී ඔවුන් වැඩි බලාපොරොත්තුවක් තබා තිබේ. එසේම එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන වනිඳු හසරංග කෙරෙහිද ශී‍්‍ර ලංකාව වැඩි බලපොරොත්තුවක් තබා ඇති අතර එ් අනුව මෙම තරගාවලිය අනිවාර්යයෙන්ම ෂම්සිගේ සහ වනිඳුගේ තරගාවලියක් බවට පත්ව තිබේ. ජාතන්තර විස්සයි විස්ස පන්දු යවනන්ගේ ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුව ෂම්සි ප‍්‍රසාද ලකුණු 792ක් ලබාගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානයේ පසුවන වනිඳු හසරංග ප‍්‍රසාද ලකුණු 764ක් ලබාගෙන තිබේ.

ශී‍්‍ර ලංකා සංචිතය – දසුන් ශානක (නායක), චරිත් අසලංක, මිනෝද් භානුක, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, වනිඳු හසරංග, ධනංජය ද සිල්වා, නුවන් ප‍්‍රදීප්, බිනුර ප‍්‍රනාන්දු, ප‍්‍රවීන් ජයවික‍්‍රම, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, ළහිරු මදුසංක, රමේෂ් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, පුලින තරංග, මහේෂ් තීක්ෂණ,

දකුණු අපි‍්‍රකානු සංචිතය – ක්වින්ටන් ඞී කොක්, ජෝන් කාල්, රීසා හෙන්ඩි‍්‍රක්ස්, බියුරන් හෙන්ඩි‍්‍රක්ස්, හෙන්රිච් ක්ලාසන්, ජෝර්ජ් ලින්ඬේ, සිසඳ මාගල, කේෂාව් මහරාජ්, එ්ඩන් මාක‍්‍රම්, ඬේවිඞ් මිලර්, වියාන් මල්ඩර්, ලූන්ගි න්ගිඩි, අන්රිච් නොර්ට්ජේ, ඬේවින් පිටොරියිස්, කාගිසෝ රබාඩා, ටබ්රිෂ් ෂම්සි, රාසි වැන්ඩර් ඩුසේන්, ලිසාඞ් විලියම්ස්.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment