අංක තහඩු වෙනස් කර ඉන්ධන ගන්න ඇවිත් දඩ කයි: යතුරු පැදියට 65,000 යි බස් රථයට 50,000 යි

110

ඉන්ධන ලබාගැනීමට අංක තහඩු වෙනස් කරගෙන වේයන්ගොඩ මැදගම්පිටිය සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලට පැමිණි යතුරුපැදිකරුවකු සහ බස් රථ රියැදුරකු වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරුට රු.65,000 ක සහ බස් රථ රියැදුරුට රු.50,000 ක දඩයක් ගෙවන ලෙසට නියෝග කළේය.

මෙසේ දඩ නියමව ඇත්තේ දිවුලපිටිය සහ හීන්දෙනිය, පට්ටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකුට බව පොලිසිය කියයි. වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත යතුරුපැදිය සහ බස්රථය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment