අංශභාගය නිසා මතුවූ අපහසුතා සුව කරන චීන කටු ප්‍රතිකාර

288

ආඝාතයට (strok) හෙවත් අංශභාගයට පත්වුවහොත් ඇතිවන පීඩාව කෙසේ දැයි කියා සිතාගත හැක්කේ ඉන් පීඩා විඳින්නන් දුටු විටදීය. අත පය පණ නැතිවී කට පැත්තකට ගොස් වාරුවක් නැතිව ඇවිදින්නට නොහැකිවීමට පත්වූ විට මුළු ජීවිතයම එපාවන තත්ත්වයට පත් වේ. ඇතැම් පුද්ගලයන් සිය දිවි හානි කර ගැනීමට පවා උත්සාහ කරන්නේ මෙම පීඩනය දරා ගැනීමට නොහැකි වූ විටදීය.

ආඝාතයට හේතු

ආඝාතය හෙවත් අංශභාගය රෝගයට පත්වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අපගේ මොළයට රුධිරය ගමන් කරන රුධිර නාළයක ඇති වන අවහිරතාවයක් නිසාය. එවිට මොළයට නිසි පරිදි රුධිර සැපයුම අඩාලවීමෙන් මොළයේ සෛල මිය යයි. අවාසනාව වන්නේ මොළයේ මියගිය සෛල නැවත වර්ධනය නොවීමය.

මෙලෙස ඇතිවන ආඝාතය නිසා අපගේ සිරුරේ ක්‍රියාකාරීත්වය අඩපණවීමත් හෝ මතක ශක්තිය අඩපණවීමත් සිදුවිය හැකිය.

ආඝාතය නිසා ඇතිවන අපහසුතා පාලනය

ආඝාතය නිසා ඇතිවන අපහසුතා පාලනය සඳහා චීන කටු ප්‍රතිකාර ක්‍රමයේ බොහෝ ප්‍රතිකාර ඇත. එය වසර දහසකට පමණ පෙර සිට හඳුනාගෙන තිබේ. එනිසා එම ප්‍රතිකාර ක්‍රමවල සාර්ථකත්වය ද ඔප්පුවී ඇත.

අංශභාගය නිසා මතුවූ අපහසුතා සුව කරන චීන කටු ප්‍රතිකාර

අංශභාගය සඳහා චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී මතුව ඇති අපහසුතා යළි සුවපත් කිරීමට අවශ්‍ය නිල තෙරපුම සිදුකරනු ලබයි. මෙය චීන කටු ප්‍රතිකාර ක්‍රමයේ ලබාදෙන ඖෂධ ලෙස සලකනු ලබයි. එනිසා චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී බාහිරින් වෙනත් ඖෂධ වර්ග නොදෙන්නේ මෙම හේතුව නිසාය. ඖෂධ යනු නිල තෙරපුමය.

මෙහිදී අංශභාගය නිසා මතුව ඇති දෑත් දෙපා පණ නැතිවීම, කට පැත්තකට යෑම, අත්පා ඇඟිලි ක්‍රියා කරවීමට නොහැකිවීම, කථා කිරීමට අපහසුව ආදී තත්ත්වයනට බලපා ඇති හේතුවලට අදාළ නිල තෙරපුම සිදු කිරීම මගින් මතුව ඇති පීඩාවන් සමනය කළ හැකිය. ඒ සඳහා Baihui, Hegu, GB – 14, EX – 2, ST-2, ST-3,4,5 GB – 34, EX-1 Neigan (p-6) sishen Cong (EX-6) Shenmen (H-7) Lian Quan (Ren-23) ආදී නිල චීන කටු භාවිතය මගින් තෙරපුමට ලක්කරනු ලබයි. එහිදී විද්‍යුත් උත්තේජක උපකරණ (Electric stimulator) භාවිතය රන්, රිදී, තඹ ආදී චීන කටු භාවිතය මගින් නිල තෙරපුමට ලක්කරනු ලබයි. එය දිනකට පැයක් පමණ කාලය බැගින් සති 03ත් 04ත් අතර කාලයක් සිදු කිරීම මගින් පවතින දුර්වලතා නිට්ඨාවටම සුවපත් කළ හැකිය.

චීන කටු භාවිතයෙන් නිල තෙරපුමට අමතරව දෑත් හි ඇඟිලි තුඩු මගින් නිල තෙරපුම කොන්දේ මතුව ඇති අපහසුතා සඳහා කපින් තෙරපි ප්‍රතිකාරය, හුස්ම ගැනීමේ අපහසුතා සඳහා ව්‍යායාම (Breathing Excersis) මානසික ඒකාග්‍රතාවය ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය මනෝ වෛi චිකිත්සාව ආදී ප්‍රතිකාර ක්‍රම ද රෝගියාට ලබා දේ.

එම ප්‍රතිකාර ලබාගන්නා අතර ආහාර පාලනය කෙරෙහි සැලකිලිමත් විය යුතුය. එහිදී තෙල් අධික, සීනි අධික ආහාර පාලනය කළ යුතුයි. සිරුරට පෝෂණය ලැබෙන එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග ආහාරයට ගත යුතුය. ව්‍යායාමවල යෙදිය යුතුයි. මෙම කටයුතු නිසි ලෙස සිදු කිරීමෙන් අංශභාගය රෝගය නිසා ඇතිවූ අපහසුතා ඉතා කෙටි කාලයකින් සුවපත් කළ හැකිය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0714299777 ඇමැතිය හැකිය.

අංශභාගය නිසා මතුවූ අපහසුතා සුව කරන චීන කටු ප්‍රතිකාර

කළුබෝවිල ද සිල්වා පාර
ජය සමගි මාවත කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ
වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ
මාධ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment