අංශභාගය හැදී  වසරකට 4000ක්  මිය යනවා – විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන්

215

ආඝාතය හෙවත් අංශභාග නිසා වසරකට මෙරට පුද්ගලයින් හැට දහසක් රෝහල් ගතවන බවත් ඉන් හාරදහසක් මියයන බවත් එසේ මිය යෑමට හේතුව කඩිනමින් වෛi ප්‍රතිකාර ලබානොගැනීම බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය ඊයේ (26 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

ආඝාතයට ප්‍රධාන හේතුව අධි රුධිර පීඩනය බැවින් අවම වශයෙන් වසරකට දෙවතාවක්වත් රුධිර පීඩනය මැන ගැනීමට ආසන්නතම රෝහලට හෝ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයට ගොස් අවශ්‍ය කටයුතු ඉටුකර ගන්නා මෙන් මෙහිදී විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය ඉල්ලා සිටියාය.

ආඝාතය හේතුවෙන් රෝහල් ගත කරන්නන්නට ලබාදිය යුතු යම් යම් අත්‍යවශ්‍ය ඖෂධ පසුගිය කාල සීමාවේ දී රෝහල්වල නොතිබුණු බවත් මේ වනවිට එම තත්ත්වය නිවැරදි වී ඇති බවත් ජාතික ආඝාත සංගමයේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛi හර්ෂ ගුණසේකර මහතා මෙහි දී පැවසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment