අකල්හි පරවුණු රංග ප්‍රතිභාව – දර්ශන් ධර්මරාජ් – රඟපාන්න අවස්ථාව එනකම් මං කළේ පිටකොටුවේ නාට්ටාමි රස්සාව

1089

මගේ නම  වෙනස් කළේ  සිඩ්නි චන්‍ද්‍රසේකර
 
 කඳුළින් ලියූ අතීතය දර්ශන් ‘දිවයින’ට  හෙළි කරයි

අකල්හි පරවුණු රංග ප්‍රතිභාව - දර්ශන් ධර්මරාජ් - රඟපාන්න අවස්ථාව එනකම් මං කළේ පිටකොටුවේ නාට්ටාමි රස්සාව

ජීවිතේ හරි පුදුමාකාරයි. මේකට දෛවය කියන්නත් පුළුවන්. මේ කොහොම කිව්වත් නොසිතූ නොපැතූ වෙලාවල්වලදී අපේ ජීවිත එහෙමත් නැතිනම් දෛවය අප වෙනත් මාවත්වලට රැගෙන යනවා. ඒ මාවතේ වළවල්වල නොවැටී විමසිල්ලෙන් පරිස්සමින් ඉදිරියට යන එක තමයි අපිට ලැබිලා තියෙන අභියෝගය. අන්න ඒ විදිහට නොසිතූ මොහොතක හමුවුණු නුහුරු මාවතක හරි ගමනක් ගිය අපේ කොල්ලෙක් අද මුළු රටේම කතාබහට ලක්වෙලා තියෙනවා. ඔහු නමින් දර්ශන් ධර්මරාජ්. ඔහුගේ ජීවන ගීතය ඊයේ (02 වැනිදා) නිමා වුවද, කඳුළින් දිනූ ජීවන අන්දරය අද අපි ඔබට ගෙන එනුයේ දර්ශන්ට අපි අපේ බුහුමනද පුද කරමිනි.

අකල්හි පරවුණු රංග ප්‍රතිභාව - දර්ශන් ධර්මරාජ් - රඟපාන්න අවස්ථාව එනකම් මං කළේ පිටකොටුවේ නාට්ටාමි රස්සාව

සත්‍යය ප්‍රබන්ධයකටත් වඩා විශ්මිතයි. ඒක තමයි ඇත්ත. ඔව්. දර්ශන්ගේ ජීවිතයත් ප්‍රබන්ධයකට වඩා විශ්මිතයි. මේ ඒ ජීවන අන්දරයයි.

 සම්පූර්ණ නම – ලිංගනාදන් ධර්මරාජ්

 උපන් ගම – රක්වාන

 අධ්‍යාපනය කොතෙක් දුරට හදාරලා  තියෙනවාද? – සාමාන්‍ය පෙළ දක්වා

 රක්වානේ ඉඳන් කොළඹ එන්නේ මොකටද?

අකල්හි පරවුණු රංග ප්‍රතිභාව - දර්ශන් ධර්මරාජ් - රඟපාන්න අවස්ථාව එනකම් මං කළේ පිටකොටුවේ නාට්ටාමි රස්සාව


පුංචි කාලේ පටන් මට නළුවෙක් වීමේ ලොකු ආසාවක් තිබුණා. පාසල් කාලයේ මම වේදිකා නාට්‍ය දෙකක රඟපෑවා. එයින් පසුව මට නළුවෙක් වීමේ ලොකු වුවමනාවක් තිබුණා. ඒ අරමුණ ඉටුකරගන්න තමයි මම කොළඹට එන්නේ.

 ඉතිං ඊට පස්සේ…

 කොළඹ ඇවිත් මම මුලින්ම කළේ රස්සාවක් හොයපු එක. එතැනදී මට අපේ පුංචි බාප්පාගේ ස්වර්ණාභරණ වෙළෙඳසලේ රැකියාවක් ලැබෙනවා. මාසෙටම පඩිය ලැබෙන්නේ රුපියල් තුන්දහස් පන්සීයයි. එතැනින් පසුව මට ආපහු පිටකොටුවේ පෞද්ගලික ආයතනයක රැකියාවක් ලැබෙනවා. ඒ රැකියාවේදීත් මට ලැබෙන්නේ රුපියල් තුන්දහස් පන්සීයක වැටුපක්. ඔහොම රැකියාව කරගෙන ඉන්න කොට 1997 අවුරුද්දේ මට චිත්‍රපටයකට ආරාධනාවක් ලැබෙනවා.

අකල්හි පරවුණු රංග ප්‍රතිභාව - දර්ශන් ධර්මරාජ් - රඟපාන්න අවස්ථාව එනකම් මං කළේ පිටකොටුවේ නාට්ටාමි රස්සාව

 ඒ කාගෙන්ද?

 දර්ශන් අධ්‍යක්‍ෂවරයාගේ නම සඳහන් කිරීමට මැලිවෙයි. යළිත් ඔහුගේ සුපුරුදු කතාවට අවතීර්ණ විය.

 මේ ආරාධනාව ලැබුණ ගමන් මම අපේ අම්මටයි, තාත්තටයි කිව්වා මට චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා කියලා. කොහොමටත් මට නළුවෙක් වීමේ ආසාවක් තිබුණානේ. ඔවුන් මට ලොකු මුදලක් දෙනවා කිව්ව හින්දා රැකියාවෙන් පවා මම ඉවත් වුණා. මම රඟපානවා බලන්න අපේ අම්මයි තාත්තයි හරි ආසාවෙන් හිටියේ.

අකල්හි පරවුණු රංග ප්‍රතිභාව - දර්ශන් ධර්මරාජ් - රඟපාන්න අවස්ථාව එනකම් මං කළේ පිටකොටුවේ නාට්ටාමි රස්සාව

අපි දර්ශන්ගේ කතාවට බාධා කළෙමු.

 අම්මා තාත්තා මොකද කරන්නේ?

 තාත්තා මඟුල් පෝරු හදනවා. ඒ වගේම රක්වාන කෝවිලේ සංස්කෘතික වැඩමුළු පවත්වනවා. අම්මා රැකියාවක් කළේ නැහැ.

අකල්හි පරවුණු රංග ප්‍රතිභාව - දර්ශන් ධර්මරාජ් - රඟපාන්න අවස්ථාව එනකම් මං කළේ පිටකොටුවේ නාට්ටාමි රස්සාව


යළිත් දර්ශන් සුපුරුදු හඬ අවදි කළේය.

 “මට චිත්‍රපටයේ රඟපාන්න තිබුණ ආසාවට  රැකියාවෙන් ඉවත් වුණාට චිත්‍රපටය රූගත කළේ නැහැ. පසුව මම ආපහු ගෙදර යනවා. නළුවෙක් වෙන්න තිබුණ හීනය බිඳිලා තමයි මම ගෙදර යන්නේ. ගෙදර ගියා කියලා කරන්න දෙයකුත් නැහැ. ආපහු 1998 දී විතර කොළඹ එනවා. එතැනදී තමයි මට ජීවිතයේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණේ කියමින් ඔහු දිගු හුස්මක් හෙළීය.

 “පිටකොටුවේ හැඳුනුම්පතක් නැතිව කරන්න පුළුවන් එකම රැකියාව තමයි නාට්ටාමි වැඩේ. අන්තිමේ මම ඒ රැකියාව කරන්න පටන් ගත්තා.

 ඒ දවස්වල මම අඩි හතළිහේ කන්ටේනර් පෙට්ටිවල තියෙන සුදුලූනු, අල, පොල්තෙල්, කරවල පෙට්ටි පිටින් බානවා. ඒ රස්සාවෙන් ජීවත්වෙන්න හරි අමාරුයි. ඒක හින්දාම මම තවත් රැකියාවක් හොයා ගත්තා.

අකල්හි පරවුණු රංග ප්‍රතිභාව - දර්ශන් ධර්මරාජ් - රඟපාන්න අවස්ථාව එනකම් මං කළේ පිටකොටුවේ නාට්ටාමි රස්සාව


ඒ මොකක්ද?

 පාන්දරට පිටකොටුවේ මාළු කඩේට ගිහින් මාළු පෙට්ටි බානවා. ඔය අතරේ අයිස් හොණ්ඩර ලොරියක් තනියෙන් බාපු අවස්ථාත් තියෙනවා. එච්චර දෙයක් කරත් හම්බවෙන මුදල මදි. ඒක හින්දා අන්තිමේ ලුණු මුට්ට කරගහන රස්සාවත් කළා. ඒ රස්සාව තමයි එපාවෙන්නේ. නාටාමි වැඩේ හොඳයි.

 නාටාමි වැඩේ කරලා ඇවිත් නිදාගන්නේ කොහෙද?

 නාටාමිලාට කොහෙද කාමර ගන්න සල්ලි. පිටකොටුවේ ඉඳන් පයින්ම ආමර්වීදියට එනවා. එතැන තියෙන ලීබඩු සාප්පුවක ලී කපලා ගොඩගහලයි තියෙන්නේ. මම පිටකොටුවෙන් රුපියල් දහයක් දීලා හිස් ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන තමයි එන්නේ. හදිසියේවත් වැස්සොත් කියලා හිතලා රුපියල් තුනක් දීලා පොලිතින් මීටරයක් අරගෙන එනවා.

අකල්හි පරවුණු රංග ප්‍රතිභාව - දර්ශන් ධර්මරාජ් - රඟපාන්න අවස්ථාව එනකම් මං කළේ පිටකොටුවේ නාට්ටාමි රස්සාව

එතකොට රඟපාන ආසාව අතහැරියාද?

 අපොයි නැහැ. මම හරියට ඉන්ටර්වීව් යනවා. රඟපාන්න අවස්ථාවක් උදාකරගන්න එක කොහොමත් අතහැරියේ නැහැ.

 ඔයා දන්නවද? මම නාටාමි වැඩේ කරලා රුපියල් දොළහකට පොඩි කණ්ණාඩියක් ගත්තා. ඒක දිහා බලාගෙන මම තනියෙම මොනවා හරි දෙබස් කියව කියව රඟපෑවා.

 අපි අතරෙත් විවිධ නාටාමිලා හිටියා. අපිත් එක්ක හිටියා හරියට මත්පැන් පානය කරන කෙනෙක්. එයාට අක්මාවේ සැත්කමක් කරන්න සිද්ධ වුණා. එදාම අපේ නංගිටත් සැත්කමක් කරන්නයි හිටියේ. මේ නාටාමි හොඳටම අසරණ වෙලා මා ළඟට ඇවිත් මෙලෙස පැවසුවා.

 උඹ ළඟ තියෙනවා නම් මට සල්ලි කීයක් හරි දෙන්න පුළුවන්ද?

 ඒ මොකද?

 මගේ අක්මාවෙ සැත්කම කරන්න සල්ලි මදිවෙලා තියෙනවා.

 මමත් නාටාමි වැඩේ කරලා එකතු කරගත්තු රුපියල් නවදහස් හාරසිය හැටක් තිබුණා. මට මේ නාටාමිගේ කතාව අහලා දුක හිතිලා නංගිගේ සැත්කමට දෙන්න තිබුණ මුදල ඔහුට ලබා දුන්නා.

 දර්ශන්ගේ මුවින් එවැනි වදන් පිටවෙන අතරේ මෙලෙස පැවසුවා.

 ඔයා දන්නවද අද වෙනකොට ඒ නාටාමි පිටකොටුව පළමු හරස් වීදියේ කෝටිපති රෙදිපිළි ව්‍යාපාරිකයෙක්.

 ඔහු ඔබට කතා කරනවාද?

 අපොයි ඔව්. මම සමහර වෙලාවට ඔහුගෙන් ඇඳුම් ගන්න ගියහම මුදල් ගන්නෙත් නැහැ. එම ව්‍යාපාරික ස්ථානයේ කිසිම දේවරූපයක්, බුදු රූපයක් නැහැ.

 ඔහු සිංහලයෙක්ද?

 ඔව්. මේ ව්‍යාපාරිකයා හොඳ සිංහල බෞද්ධයෙක්. ඔහුගේ ව්‍යාපාරයේ තියෙන්නේ මගේ රූපය විතරයි. ඔහු මගේ රූපයට වඳිනවා කියලයි කියන්නේ. ඒ වෙන කිසිම හේතුවක් නිසා නොවේ. ඔහුගේ ජීවිතය වෙනස් කළේ මම කියලා විශ්වාසයක් තියෙනවා.

 ඔය අතරේ 1999 වසරේ මම කොළඹ ඇවිත් කරපු දෙවැනි රැකියාව නැවත ලැබෙනවා. එතැනදී මට සිංහල, දමිළ, මුස්ලිම් ජාතික මිතුරන් ගොඩක් ඇසුරු කරන්න ලැබුණා. එහෙම ඇසුරු කරපු කාලේ දවසක් වත්තල මිතුරෙකුගේ ගෙදර නත්තල් සාදයකට සහභාගි වෙන්න සිද්ධ වුණා.

 එතැනදී ඔහුගේ නිවසේ තිබුණ රූපවාහිනියේ සිරස නාලිකාවේ දැන්වීමක් පළවුණා ‘ඒ නවය’ සිනමා නිර්මාණය සඳහා නවක නළු නිළියන් සඳහා සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා කියලා. මේ සම්මුඛ පරීක්‍ෂණයට 108 දෙනකු සහභාගි වුණා.

 මොනවාද සම්මුඛ පරීක්‍ෂණයේදී ඇසුවේ?

 මගේ විස්තර අහලා ඇසුවා අඩි විස්සක ගොඩනැඟිල්ලක ඉඳන් බිමට පනින්න පුළුවන්ද කියලා. මම කිව්වා තැන පෙන්වන්න මම පනින්නම් කියලා. සම්මුඛ පරීක්‍ෂණයේදී මාව තේරුවේ සිඩ්නි චන්‍ද්‍රසේකර කියන අධ්‍යක්‍ෂවරයා.

 අන්තිමේ මම ‘ඒ නවය’ චිත්‍රපටයේ රඟපෑවා. එදා සිඩ්නි කිව්වා දර්ශන් ලංකාවේ හොඳ නළුවෙක් වේවි කියලා. ඔහොම හොඳට වැඩ කරන්න කියලා. ඔහු තමයි මගේ නම දර්ශන් ධර්මරාජ් කියලා යෙදුවේ.

 එතකොට රැකියාවෙන් ඉවත් වුණාද?

 ඔව්. මම රැකියාවෙන් ඉවත් වුණා. මොකද රස්සාවක් කරන ගමන් මේ වැඩේ කරන්න බැහැනේ.

 දමිළ වීම නිසා ප්‍රශ්න තිබුණේ නැද්ද?

 ප්‍රශ්න නම් එමට තිබුණා. වතුකරයේ ඉඳලා එන බස් හමුදාවෙන්, පොලිසියෙන් මුරපළවලදී සෝදිසි කරද්දී මට ප්‍රශ්න එනවා. හැබැයි මම ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. මොකද එකෙන් ජනතාවට වෙන්නේ හොඳක්නේ. ඔවුන් රාජකාරි කළ යුතුයි.

 ඔය අතරේ මම 2006 වසරේ ප්‍රභාකරන් චිත්‍රපටයේ රඟපාලා ප්‍රදර්ශනය වෙනකොට මට දුරකථන ඇමතුමක් ලැබුණා.

 “අපි මේ ටෙලිනාට්‍යවලට සම්බන්ධ ආයතනයකින් කතා කරන්නේ කියලා මගේ විස්තර ගොඩක් ඇසුවා. පසුව මට කීවා මම යාපනයෙන් කතා කරන්නේ. ඔයා එල්.ටී.ටී.ඊ. පෙනුම දාගෙන රඟපෑවට ගැටලුවක් නැහැ. අපේ චරිත ඝාතනය කරන්න එපා කියලා. අපිත් කලාව ගැන හොඳට දන්නවා කියලත් මට පැවසුවා. අන්තිමේදී රඟපෑම අතහරින්න කියලා දුරකථනය විසන්ධි කළා. හැබැයි අද වෙනකොට මට හිතෙනවා ඒ කතා කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ද කියලත්.

 ඔය අතරේ මම ආපහු සුපුරුදු රැකියාව කරන්න පටන් ගත්තා.

 මොකක්ද? නාටාමි වැඩේද?

 ඔව්. මම ඒ රැකියාව අතහැරියේ ගොඩක් කාලයකට පසුවයි.

 දවසක් ආදුරුප්පුවීදියේ රාත්‍රියේ සිටින විට මුහුණු ආවරණය කරගෙන යතුරුපැදිවලින් ආපු පිරිසක් මට හිස් වීදුරු බෝතල්වලින් මුහුණට ගැසුවා.

 මම හිතුවේ මාව මරන්න හදනවා කියලා. මරණ බියේ අන්තිමේ මම ඉන්දියාවට ගියා.

 ආපහු ලංකාවට පැමිණියේ කවදාද?

 මට වර්ෂය හරියටම කියන්න මතක නැහැ. අවුරුදු තුනකින් විතර තමයි පැමිණියේ.

 ඒ ඇවිත් ආපහු මම සිනමාවේ වැඩ කරන්න පටන් ගත්තා. මට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. ඒක හින්දා මම ඇඳපු ඩ්‍රෝවීන් බම්බලපිටියේ මැජෙස්ටික්සිටි ශාලාව ඉදිරිපිට විකිණුවා. හැබැයි මට ඉන්දියාවේ ගිහින් ආවට පසුව කොළඹ නවතින්න තැනක් තිබුණේ නැහැ. ඉෂාන් ගම්මුදලි කියන රංගන ශිල්පියා තමයි මට නවාතැන් දුන්නේ. ඉෂාන්ගේ මව මට උදේට හදලාදෙන බත් පැකැට්ටුවත් අරගෙන මම රඟපාන්න එනවා.

 ඔය අතරේ මට මචං චිත්‍රපටය ලැබුණා. ඒකෙන් ලැබුණ ආදායමෙන් මම ගමේ කඩයක් දැම්මා.

 ආපහු මට වැඩ වැඩිවෙනකොට මම ආරම්භ කරපු පුංචි ව්‍යාපාරය මගේ සහෝදරයාට දුන්නා. ඒ ව්‍යාපාරයෙන් ලැබුණු මුදල් ටිකත් අරගෙන කොළඹ ඇවිත් ඉන්නකොට ආපහු මට මාතා චිත්‍රපටය ලැබෙනවා. එතැනදී මගේ වරිගයේම හොඳ මිතුරු පිරිසක් හමුවෙනවා. අන්තිමේ මට එක දිගට මගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් රඟපෑමට චරිත රැසකට ආරාධනා ලැබෙනවා.

 එලෙස එදා කියූ ඔහු යළි නොමඑන්නට යන්න ගියේය. දර්ශන් පිළිබඳ මතකය පමණක් අද අපට ශේෂව තිබේ.

● දිනේෂ් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment