අක්කාට කරදර කරන මස්සිනාට මල්ලී පොල්ලෙන් ගසා මරයි

402

පුල්මුඩේ අර්පත් නගරයේ නිවසක පවුල් ආරවුලක් මත ඇතිවූ ප්‍රශ්නයක් මත බිරිඳගේ සහෝදරයකු පහර දී පුද්ගලයකු (සිය මස්සිනා) 21 දා මරා දමා තිබේ.

බිරිඳ සමග නිතර නිතර මේ පුද්ගලයා ආරවුල් ඇතිකර ගෙන බිරිඳට පහර දීම නිසා කෝපයට පත් එම කාන්තාවගේ බාල සහෝදරයා පොල්ලකින් පහර දීම නිසා ඔහු මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පුල්මුඩේ අර්පත් නගරයේ පදිංචිව සිටි ඒ. ජී. සදාම් නමැති 28 හැවිරිදි අයෙකි.

පහර කෑමෙන් තුවල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔහු රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

පුල්මුඩේ පොලිසිය මෙම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment