අක්‍රමිකතා බොහෝ ඇති පාපන්දු සම්මේලනය ගැන අවධානය යොමු කරන්න

70

හිටපු සභාපති රංජිත් රොද්‍රිගු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ලිඛිතව ඉල්ලයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ජේ. ශ්‍රී රංගා මහතා ප්‍රමුඛ වත්මන් විධායක සභාවේ පාලන ක්‍රියාපටිපාටිය යටතේ බොහෝ අක්‍රමිකතා සිදු වන බවත් එහි ප්‍රශ්නගත පරිපාලනයට විසඳුමක් ලෙස විශේෂ මහා සභාවක් කැඳවීමේ අවශ්‍යතාවය දන්වමින් සහ නිලවරණ කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා සිටිමින් හිටපු පාපන්දු සභාපතිවරයකු සහ දිගු කලක් පාපන්දු සම්මේලනයේ සේවය කළ නිලධාරියකු වන රංජිත් රොද්‍රිගු මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

පසුගිය 03 වැනිදා දාතමින් යුතුව ඉදිරිපත් කර ඇති එම ලිපියේ පිටපතක් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙතද යොමු කර ඇත. එම කරුණු 18 මෙසේය.

  1. පත්වූ නව FFSL පරිපාලනයේ වගකීම වනුයේ 2023 මැයි 31 දක්වා මාස පහක කාලය සඳහා එහි දැක්ම සහ මෙහෙවර ප්‍රකාශය – FIFA සහ ්ත්‍ක්‍ පාපන්දු ක්‍රීඩාවේ ගෝලීය සහ කලාපීය ආයතන වෙත චාරිත්‍රානුකූලව දැනුම් දීමයි. හිටපු FFSL පසුබිම සමඟ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට සහ පිළිගත් නිලවරණ නීති සංග්‍රහයක් සම්මත කිරීමට FIFA සහ ්ත්‍ක්‍ විසින් කරන ලද ඉල්ලීම පිළිපැදීමට සහ සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත්, අලුතින් පත් වූ පරිපාලනය ඔවුන්ගේ මාර්ග සිතියම පැහැදිලි කිරීමට වහාම FIFA සහ ්ත්‍ක්‍ සම්බන්ධ කර ගත යුතුව තිබුණි. එහෙත් මෙතෙක් ඒ සඳහා කිසිදු ලිපි හුවමාරුවක් සිදුවී නොමැති අතර එය වත්මන් FFSL පරිපාලනයේ පාර්ශ්වයෙන් විශාල පසුබෑමකි, අසාර්ථකවීමකි.
  2. අලුතින් තේරී පත් වූ ඕනෑම පරිපාලනයක පළමු කාර්ය වන්නේ පාපන්දු ක්‍රීඩාව පවත්වාගෙන යෑම සඳහා විවිධ වගකීම්, කාර්යයන් සහ ක්ෂේත්‍රයන් පැවරීම සඳහා පාලන කමිටු රැස්වීමක් කැඳවා, නව කමිටු පත් කිරීමයි. එහෙත්, පත්වී සති හයක් ගතවී ඇතත්, මෙතෙක් අනු-කමිටු පිහිටුවීමක් සිදුවී නැත.
  3. FIFA සහ ්ත්‍ක්‍ යේ මාර්ග සිතියම (ඍද්ා-ප්ච) යාවත්කාලීන කිරීමට නව FFSL පරිපාලනය අසමත් වීම හේතුවෙන්, නව පරිපාලනය තේරී පත්වී දින අටකට පසු, 2023 ජනවාරි 22 වැනි දින, FIFA විසින් එම ක්‍රියාව සඳහා හේතු දක්වමින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තහනම් කරන ලදී. මෙතෙක්, නව FFSL පරිපාලන තහනම ඉවත් කිරීමට කිසිදු උනන්දුවක් හෝ නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. රංගා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් FFSL පරිපාලනය, තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම සහ අදහස් ලබා ගැනීම සඳහා ත්‍සf් සමඟ සාකච්ඡාවක් හෝ සම්බන්ධීකරණයක් පවා කර නොමැත. මීට අමතරව, FIFA විසින් ශ්‍රී ලංකාව තහනම් කිරීම සම්බන්ධයෙන් නිසි සහ වලංගු පැහැදිලි කිරීමක් ලබා දීමට වත්මන් FFSL පරිපාලනය අපොහොසත් වී ඇත.
  4. මෙතෙක් සිදු වී ඇත්තේ අසම්පූර්ණ හදිසි රැස්වීම් දෙකක් (2023 ජනවාරි 23 සහ 30) පමණි. මේවා ද නිසි න්‍යාය පත්‍රයකින් තොරව FFSL ව්‍යවස්ථාවේ වගන්තීන්වලට පටහැනිව සිදු කර ඇත.
  5. රංගා මහතා යටතේ පවතින වත්මන් FFSL පරිපාලනයේ විශ්වාසය සහ විශ්වසනීයත්වය එහිම විධායක කමිටුව සමඟ සම්බන්ධීකරණයකින් තොරවූ නිසා එහි ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගත වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ නිලධාරීන් හතර දෙනකු (ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික සහ උප සභාපතිවරුන් දෙදෙනකු) තම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත. ඒ අනුව, රංගා මහතා තම පරිපාලන කටයුතු සාමුහිකව කරගෙන යෑමට කැමැත්තක් නොදක්වන බව පෙනේ.
  6. FFSL හි සභාපතිවරයා විසින් එහි සේවකයන්ට වාචිකව බැණ වැදීම හේතුකොටගෙන එහි ප්‍රතිපලයක් ලෙස FFSL හි ස්ථිර සහ ජ්‍යෙෂ්ඨ සේවකයන් හත් (07) දෙනකු, තම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. තවද මෙය ශ්‍රී ලංකාවේ ් ශ්‍රේණියේ ප්‍රමුඛතම ක්‍රීඩා සංගමයක පසුබෑමක් ලෙස මා දකිමි.
  7. වත්මන් FFSL සභාපති FFSL පරිපාලනයට ඇතැම් බාහිර පුද්ගලයන්ගේ සේවය ලබාගෙන ඇති බවත්, විධායක කමිටුවේ නිසි අනුමැතියකින් තොරව FFSL වත්කම් භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බවත් දැනුම් දෙමි.
  8. ණය කොන්දේසි මත තම සේවා සහ භාණ්ඩ සපයන සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම හේතුවෙන් වත්මන් FFSL සභාපතිවරයාගේ ක්‍රියාවන් නිසා FFSL හි කීර්තිනාමය කෙලෙසී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, අදාළ පාර්ශ්වකරුවන් හාස්‍යයට ලක්ව ඇති අතර, සැපයුම්කරුවන්ට FFSL කෙරෙහි ඇති විශ්වාසය නැති වී ඇත.
  9. වත්මන් FFSL සභාපතිවරයා විධායක කමිටුවේ නිසි අනුමැතියකින් තොරව FFSL සතු වාහන සහ රියැදුරන්, තමාගේ පුද්ගලික අවශ්‍යතා සඳහා භාවිතා කර ඇත.
  10. වත්මන් FFSL සභාපතිවරයා තම ඉදිරි ඡන්ද ව්‍යාපාරය ශක්තිමත් කර ගැනීම පිණිස තමන්ගේ ලීගවල AGM පවත්වන නිලධාරීන් හට වාචිකව බලපෑම් කර ඇත.
  11. වත්මන් FFSL සභාපතිවරයා විසින් විධායක කමිටුවේ හෝ කවුන්සිලයේ, නිසි අනුමැතියකින් තොරව නීතිඥයන් සහ අදාළ කටයුතු සඳහා නීති ගාස්තු ලෙස ශ්‍රී ලංකා රුපියල් මිලියන 3.2 කට ආසන්න මුදලක් ලබාගෙන ඇත.
  12. 2023 මැයි මස 31 වන දිනෙන් අවසන් වන වත්මන් FFSL සභාපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ලීගවල නිලධාරීන්ට සහ ffsl හි සේවකයන්ට ඒ සම්බන්ධව විමසීමේදී, එම අයට බැණ වැදී, තමන් ක්‍රීඩා අමාත්‍යතුමාගේ ආශිර්වාදයෙන් ඉදිරි අවුරුදු 2ක් දීර්ඝ කරගන්නා බවට ප්‍රකාශ කොට ඇත. මෙය ඉහළ වගකිවයුතු නිලධාරියකුගේ සදාචාර විරෝධී සහ පිළිගත නොහැකි ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි අතර මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
  13. වත්මන් FFSL සභාපතිවරයා විසින්, FFSL හි හිටපු සභාපතිවරුන්ට සහ නිලධාරීන්ට අත්තනෝමතික ලෙස, කුණුහරපවලින් සහ වගකීම් විරහිත ලෙස වාචික ලෙස බැණ වැදී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබී ඇත. මෙම ක්‍රියාව, FFSL හි සභාපති ගෞරවනීය තනතුරක සිට එම තනතුරට කරන නින්දාවක්, ලෙස හැඳින්විය හැක.
  14. වත්මන් FFSL සභාපතිවරයා විසින් දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා, සය පුද්ගල කමිටුවක් පිහිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලපෑම් කරමින් සිටින බවට දැනගන්නට ලැබී ඇත. මෙය, තමන්ගේ ඉදිරි ඡන්ද ව්‍යාපාරය ශක්තිමත් කරගැනීමටත්, ඔහු සමග තරග කිරීමට එන අපේක්ෂකයන්ව, නිකරුනේ නුසුදුස්සෙකු කිරීමට දරන උත්සාහයක් ලෙසත් පෙනේ. මෙම ක්‍රියාකලාපය වත්මන් FFSL සභාපතිවරයාගේ තවත් වගකීම් විරහිත කූට උපක්‍රමයක ක්‍රියාවක් ලෙස සඳහන් කරමි.
  15. 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා මාසික ගිණුම් වාර්තා සහ 2022 සඳහා වාර්ෂික ගිණුම් වාර්තා, තවමත් අනුමැතිය සඳහා FFSL සාමාජිකත්වයට ඉදිරිපත් කර නොමැත. මෙය, රංගා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් FFSL පරිපාලනයේ වගකීමක් වන අතර අදාළ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මූල්‍ය කමිටුවක් හෝ පත් කිරීමට පවා අපොහොසත් වී ඇත.
  16. වත්මන් FFSL පරිපාලනය 2023 – වර්ෂය සඳහා සිය වාර්ෂික ක්‍රියාකාරකම් සැලැස්ම (Annual Plan) සාමාජික අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.
  17. වත්මන් FFSL පරිපාලනය එහි සාමාජිකත්වයට අනුමත කිරීම සඳහා 2023 – වාර්ෂික අයවැය යෝජනාව, මෙතෙක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.
  18. 2023 ජනවාරි 14 වන දින FFSL හි සභාපති ලෙස රංගා මහතා පත්වීමෙන් පසුව, ශ්‍රී ලංකාව තුළ කිසිදු තරගාවලියක් දියත් කිරීමට අසමත් වී ඇති අතර වාසනාවට තම තමන්ගේ ලීගවල තරග දියත් කරමින් සිටින්නේ ප්‍රාදේශීය ලීග පමණි.
advertistmentadvertistment
advertistmentadvertistment