අකිර කුරොසාවාගේ ඉකිරු ලංකාවේදී ‘පනම් බඳින ගස්’ වන හැටි

309

සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුනිල් කොස්තා නිර්මාණය කරන නවතම ටෙලි නාට්‍යය ‘‘පනම් බඳින ගස්’’. එම ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල ඊයේ 25 ගලධාරී හෝටලයේදී පැවැත්විණ.

පනම් බඳින ගස් යනු වැව් බැඳි පළාත්වල අපේ ගැමියන් තමන්ගේ ප‍්‍රාර්ථනා ඉෂ්ඨ කරගැනීම සඳහා වැව් තාවුල්ලේ ඇති ප`ඩුරු බැඳි ගස්ය.

අකිර කුරොසාවාගේ ඉකිරු ලංකාවේදී ‘පනම් බඳින  ගස්’ වන හැටි

සුනිල් කොස්තා ‘‘පනම් බඳින ගස්’’ නිර්මාණය කරන්නේ 1952 වසරේ ජපානයේ තිරගත වූ අකිර කුරොසාවාගේ ‘‘ඉකිරු’’ සිනමාපටය පදනම් කරගෙනය. රාජ්‍ය නිලධාරීන්ගේ අකර්යාක්ෂමතාවත්, ජපානයේ දිරාපත් වන පවුල් ජීවිතයත් හමුවේ ජීවත්වන්නේ කෙසේද යන්න මෙම සිනමා පටයේ තේමාව විය.

ඉකුරු වැනි විදේශීය නිර්මාණයක් ඇසුරින් ටෙලි නාට්‍යක් නිර්මාණය කිරීමට සිත යොමු වූයේ තමන්ගේ පියා ඇතුළු තමාගේ පවුලේ බොහෝ දෙනෙක් පිළිකා රෝගයෙන් ජීවිතය හැර ගිය බවත් එවැනි රෝගීන් සඳහා ශක්තියක් වීමට බවත් ස්වකීය නිර්මාණය ගැන අදහස් දක්වමින් සුනිල් කොස්තා සඳහන් කළේය.

අකිර කුරොසාවාගේ ඉකිරු ලංකාවේදී ‘පනම් බඳින  ගස්’ වන හැටි

‘පනම් බඳින’ ගස් ප‍්‍රධාන භූමිකාව නිරූපණය කරන්නේ සිනමා නළුවකු ලෙස ප‍්‍රකටව සිටින ප‍්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකය. දීර්ඝ කාලයකට පසු ටෙලි නාට්‍යක රංගනයේ යෙදෙන ඔහු සමග දිල්හානී ඒකනායක, ආනන්ද කුමාරඋන්නැහේ, නිරෝෂන් විජේසිංහ, රිචඞ් මහ මුදලි, මිචෙල් දිල්හාරා, පවිත‍්‍රා වික‍්‍රමසිංහ, සුරංගා රණවක ඇතුළු ශිල්පීන් පනහකට අධික සංඛ්‍යාවක් චරිත නිරූපණය කිරීමට නියමිතය.

‘පනම් බඳින ගස් ’ ටෙලි නාට්‍ය ඔසුර පදනම වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ වසන්ත ජයවර්ධන විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment