අකිල සහ රුවන්ට ජනපති උපදේශක පදවි

116

එජාප උපනායක, හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු වූ නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත්කර තිබේ.

කාරියවසම් මහතාට සංවර්ධිත පරිපාලනය පිළිබඳව එම පදවිය පිරිනමා තිබේ.

මේ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර තිබේ.

එම පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය මෙසේ සඳහන් කරයි.

2016 වසරේදී ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳව පැරිස් සම්මුතියට අත්සන් තබා ඇත. මේ වනවිට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දේශගුණික විපර්යාස මගින් මිහිතලයට වන හානි වළක්වා ගැනීම වෙනුවෙන් යොමුව තිබේ. ශ්‍රී ලංකාවට ද එම ගෝලීය වගකීම් වෙනුවෙන් කළ යුතු කාර්යයන් රැසකි. කාබනික විමෝචනය සහ හරිතාගාර ආවරණය වළක්වා ගැනීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැඟීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් හා සහයෝගය ලබාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment