අකුණු සන්නායකයක් පෙන්වා සුපිරි ගේමක් ගැසූ 9ක් මාට්ටු – කෝටි 800කට විකුණා පළමුව මුදල් ආයෝජනය කරන අයට 5 ගුණයක් ගෙවන බවට ගිවිසුමුත් ගහලා

722

අකුණු සන්නායකයක් රු. කෝටි 800 කට අලෙවි කර එම මුදල අයෝජනය කළ අයට පස් ගුණය බැගින් ගෙවන බවට ගිවිසුම් අත්සන් කර වංචාවක් සිදු කලේ යැයි කියන සැකකරුවන් 09 දෙනෙකු (10දා) නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ සැකකරුවන් අකුණු සන්නායකයක ඡුායාරූප පෙන්වා එම අකුණු සන්නායකය රු. කෝටි 800 කට අලෙවි කිරීමට හැකි බවත්, ඒ සදහා මුලින් මුදල් ආයෝජනය කරන අයට අයෝජනය කළ මුදල මෙන් පස් ගුණයක් වැඩියෙන් මුදල් ලබාදෙන බවට පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති බවට දැනට කරන ලද මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලිසියේ නිලධාරින් කියා සිටියේය.

පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතාගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය කොට්ඨාස වංචා විමර්ෂණ අංශය නුවරඑළිය පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් දින දෙකක් තිස්සේ සැකකරුවන් ලූ‍හුබැද නුවරඑළිය ටොපපැස් ප‍්‍රදේශයේදී (10දා) සැකකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් වෙන් වෙන්ව පරීක්ෂණ පවත්වයි.

නුවරඑළිය – නාලක රත්නායක සහ නුවරඑළිය ඩග්ලස් නානායක්කාර

advertistmentadvertistment
advertistmentadvertistment