අකුණු සන්නායක වංචාවට කොටුවූ 9 දෙනා රිමාන්ඞ්

868

අකුණු සන්නායකයක් රු. කෝටි තිස්දහසකට අලෙවි කර ඒ ස`දහා මුදල් ආයෝජනය කරන අයට රු. කෝටි 100 බැගින් ලබාදෙන බව කියා වංචනික ලෙස පුද්ගලයින්ගෙන් ලබාගත්තේ යැයි කියන සැකකරුවන් 09 දෙනෙකු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්ත‍්‍රාත් ප‍්‍රදීප් ජයසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 09 දෙනා මේ මස (25) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.

සැකකරුවන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු සිටින බවත් එම සැකකරුවන් මහනුවර, පන්නිල, රත්මලාන, වැල්ලම්පිටිය, කැකිරාව ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියා සිටී.

සමාජ මාධ්‍ය ඔස්සේ සැකකරුවන් අකුණු සන්නායකයක ඡුායාරූප පෙන්වා එම අකුණු සන්නායකය යුකේ‍්‍රනයට කෝටි 800 මුදලකට අලෙවි කර එම මුදල්වලින් එක් අයෙකුට රු. කෝටි 100 බැගින් ලබාදෙන බවට පවසා එම ගනුදෙනුවට ප‍්‍රථම දිවයිනේ විවිධ ප‍්‍රදේශවල කිහිප දෙනෙකුගෙන් රු. පන්ලක්ෂ විසිදහස බැගින් මුදල් ලබාගෙන එය තහවුරු කිරීම ස`දහා සැකකරුවන් වංචනික ලෙස ගිවිසුම්ද සකස් කර ඇත.

නුවරඑළිය ප‍්‍රදේශයේ කිහිප දෙනෙකුගෙන් මුදල් ලබා ගැනීමට පැමිණ ඇති බවට නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරක් මත නුවරළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතාගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය කොට්ඨාස චංචා විමර්ෂණ අංශය, නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශය සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් එක් වී සැකකරුවන් පිළිබ`ද දින දෙකක් තිස්සේ ඉතා රහසිගතව ලූ‍හුබැද නුවරඑළිය ටොප්පාස් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ රු. එක් කෝටි තිස් තුන් ලක්ෂ හැට දහසක මුදලක් සහ මුදල් ආයෝජනය කලේ යැයි කියන දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයන් සමග ඇති කර ගත් ගිවිසුම් 100 ක් ද සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් භාරයට ගෙන ඇති අතර ,සැකකරුවන් පැමිණි මොටර් රථ තුනක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසියේ කණ්ඩායම් කිහිපයක් වෙන් වෙන්ව පරීක්ෂණ පවත්වයි.

නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment