අකුරට වැඩ කාලයේ ලංවිම ඉංජිනේරුවන්ගේ වාහන, ඉන්ධන භාවිතය අත්හිටුවයි

118

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයේ නිරත ඉංජිනේරුවන්ට කාර්යාල වේලාවෙන් පසු ඉන්ධන හා ආයතනයෙන් ලබාදී තිබෙන වාහන භාවිතා කිරීම අත්හිටුවීමට පාලනාධිකාරිය තීරණයක් ගෙන තිබේ.

මීට අදාළව ලංවිම සාමාන්‍යාධිකාරිවරයා විසින් අදාළ අංශ වෙත ලිඛිතව දැනුම්දීමක් කර ඇත.

අකුරට වැඩ කරන කාලසීමාවේදී වාහන භාවිත කර නිවෙස් වෙත යන්නේ නම් වාහනය ආයතන පරිශ‍්‍රය තුළ තබා යා යුතු බවද දැනුම් දී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment