අක‍්‍රිය බලාගාර පණගන්වන්න ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින්

121

විදුලිබල මණ්ඩලයේ අක‍්‍රියවී ඇති බලාගාර පවත්වා ගෙනයෑම සඳහා ඞීසල් මෙටි‍්‍රක් ටොන් 1500 බැගින් දෛනිකව විදුලිබල මණ්ඩලයට ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (14 දා) පියවර ගෙන ඇත.

ණය පදනම මත තවදුරටත් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට හැකියාවක් නැති වුවත් විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත මෙටි‍්‍රක් ටොන් 1500 බැගින් දෛනිකව ලබාදීමට තෙල් සංස්ථාව තීරණයක් ගත් බවත් තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

තෙල් ලබාදීම 18 වැනිදා තෙක් සිදුකරන බවත් එදින නැවත සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදුකරන ආකාරය තීරණය කරන බවත් ඒ මහතා කීය.

බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් සහ ඞීසල් හි`ගවීම, නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ ජනන යන්ත‍්‍රයක් අක‍්‍රියවීම සහ ජලවිදුලි බලාගාර ආශ‍්‍රිත ජල මට්ටම පහළ යෑම මත දෛනික විදුලි කප්පාදු සිදුකිරීමට සිදුවන බව වදුලිබල මණ්ඩලය සඳහන් කර පසුගිය දිනවලදී විදුලි කප්පාදුවක් සිදු කළේය.

මේ අතර මෙරටට ගෙන්වා තිබූ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 72,000ක් අඩංගු නැව් දෙකක තෙල් ගොඩබෑම ඊයේ (14 දා) සිට ආරම්භ කර තිබිණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment