අඛණ්ඩව ජල සැපයුමක් දීමට ඇමැති වාසුදේව සේවකයන් දිරිමත් කරයි

77

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දී අඛණ්ඩව ජල සැපයුමක් ලබා දීම වෙනුවෙන් කැපවී කටයුතු කරන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සේවකයන් දිරිමත් කිරීම සඳහා විෂය භාර ඇමැති වාසුදේව නානායක්කාර මහතා ඉකුත් 12 වැනිදා වැඩ බිම් වෙත ගොස් ඔවුන් ප‍්‍රශංසාවට සහ දිරි ගැන්වීමට කටයුතු කළේය.

අඛණ්ඩව ජල සැපයුමක් දීමට ඇමැති වාසුදේව සේවකයන් දිරිමත් කරයි

එහිදී කොළඹ, ඔරුගොඩවත්ත, අඹතලේ, මාලබේ මිහිදුපුර සහ වැල්ලවත්ත පීටර්ස් පටුමග යන ප‍්‍රදේශයන්හි හදිසි නඩත්තු කටයුතු සිදු කෙරෙන වැඩ බිම් වෙත ගොස් සේවක හා කම්කරු පිරිස් හමුවීමට ද ඇමැතිවරයා පියවර ගත්තේය.

මෙහිදී ඔවුන් හමුවේ අදහස් දක්වමින් ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ පවතින වසංගත තත්ත්වය හමුවේ රට වසා දමා ඇති අවස්ථාවක සිය ජීවිත ආරක්ෂාව පවා නොතකා තම දරුමල්ලන්ගේ ජීවිත ආරක්ෂාවද ඇපයට තබා හදිසි අත්‍යවශ්‍ය නඩත්තු හා සේවා කටයුතු වෙනුවෙන් මෙම සිදු කරනු ලබන දුෂ්කර කාර්යය පිළිබඳව ජල සම්පාදන මණ්ඩලයේ මෙම සේවකයන්ට සියලූ ජනතාවගේ ප‍්‍රසදය හා ගෞරවය හිමි විය යුතු බවය. ජල සම්පාදන සේවකයන්ගේ කැපවීම, උත්සාහය සහ දැනුම තවත් දහස් සංඛ්‍යාත පවුල් සංඛ්‍යාවකගේ සුඛ විහරණය වෙනුවෙන් කරනු ලබන කැප කිරීමක් සහ නඩත්තු කටයුත්තක් බවත් වැඩිදුරටත් පැවසීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment