අඛණ්ඩව දින 10ක් කොරෝනා නව ආසාදිතයින් 700 පනී

138

අඛණ්ඩව දින 10කට අධික කාලයක් තුළ දෛනික මෙරට දෛනිකව වාර්තාවන කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව 700යේ සීමාව ඉක්මවා ගොස් තිබේ. අද වාර්තාවූ කොරෝනා ආසාදිතයින් 508ත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 556,437 දක්වා ඉහළ ගියේය.
මෙම තත්ත්වය මත කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ බස්නාහිර පළාතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මෙම මස අවසාන සතියේ ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තවත් කොරෝනා මරණ 20ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,127 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 381ක් සුවය ලබා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 526,734ක් දක්වා වැඩි විය.

advertistmentadvertistment
advertistmentadvertistment