අඛණ්ඩව බොර තෙල් සපයන්නැයි සපුගස්කන්දේ සේවකයෝ උද්ඝෝෂණ

169

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයෝ පිරිසක් ඊයේ (26 වැනිදා) දහවල් සිය කෑම පැයේ එම පිරිපහදුවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.

‘පිරිපහදුව රැක ගනිමු – අඛණ්ඩව බොර තෙල් සැපයීම තහවුරු කරනු’ ලෙසට රජයට බල කරමින් මෙම උද්ඝෝෂණය පවත්වන ලදී. ඛනිජ තෙල් සම්පත සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව මගින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ කියමින් හා විවිධ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදී සිටියහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment