අඛණ්ඩව විදුලිය දීමට මෙගාවොට් 500 ක හිඟයක් – මහජන උපයෝගිතා කොමිසම

171

මෙරට තිබෙන සියලූම විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කළත් මේ වනවිට අඛණ්ඩව විදුලිය ලබාදීමට මෙගාවොට් 500 ක පමණ හිඟයක් තිබෙන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

හදිසි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඞීසල්  බලාගාරවලින් මෙගාවොට් 200 ක් මිලදී ගත්තත් අඛණ්ඩව විදුලිබලය ලබාදීමට නොහැකි බව ගණනය කිරීමේදී හෙළිවී ඇත.

ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම පහළයෑම නිසා ජල විදුලි නිෂ්පාදනය අඩුවීම නිසා තාප බලාගාරවලට ඇති තරම් ඉන්ධන ලබාදුන්නද විදුලි අර්බුදය අවසන් නොවන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝද කියා සිටිති.

එනිසා දැන්වත් කඹ ඇදීම් නොකර අඩු වියදම් සහිත විදුලි බලාගාර ඉදිකිරීමට යම්කිසි පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ද ඔවුහු කියා සිටිති.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment