අඛණ්ඩව සිව්වැනි වරටත් අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

337

වෙළෙඳභාණ්ඩ අපනයන ආදායම ඉකුත් සැප්තැම්බර් මාසයේදී අඛණ්ඩව සිව්වන වරටත් ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගිය බව ශ‍්‍රී ලංකා මහබැංකුව පවසයි.

මේ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේදී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1031ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම මේ වසරේ (2021) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නමයේදී මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් 8934ක් දක්වා සියයට 20කින් වර්ධනය වී ඇති බව ශ‍්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ගිය වසරේ (2020) මුල් මාස නමයේදී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලයන 7445ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment